උපදේශනය යනු විශේෂිත වූ සන්නිවේදන ක්‍රියාවලියකි. මේ මගින් යම් පුද්ගලයෙකුට අවබොධයක්නු යුතුව තීරණ ගැනීමට අවශ්‍ය හැකියාව වර්ධනය කරයි. මිනිසුන්ට තම ජීවිත කාලය තුලදී ජිවිතයට බෙහෙවින් බලපාන වැදගත් තීරණ ගැනීමට සිදුවේ. මෙම තීරණ තමාටම ගැනීමට අපහසු වූ අවස්ථා වලදී උපදේශනයේ පිහිට පැතීම ඉතා වැදගත්ය. ගැටලුවකට මුහුණ පා නිවැරදි තීරණයක් ගැනීමට අපහසුව සිටින පුද්ගලයෙකුට අවබෝධයකින්, නිදහස්ව, වගකීමකින් යුතුව පසුව පසුතැවිලි නොවන තීරණ ගැනීමට උපදේශනය තුලින් අවස්ථාව සැලසේ. උපදේශකවරයා, උපදේශය ලබන්නා තුල සැගවී ඇති හැකියාව තුලින් ඔහුටම නිවැරදි වූ තීරණයන්ට එලඹීමට උදව් වේ.
යොවුන් විය ජීවිතයේ සුවිශේෂ හා ප්‍රබෝධමත්ම අවධියයි. මෙම සුන්දර හා ප්‍රබෝධමත් බව නැතිවී යන ආකාරයට වත්මන් යොවුන් පරපුරේ ඇතමුන් ගැටලුවලට හා ප්‍රශ්ණවලට මැදිවී ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට නොහැකිව සිත් තැවුල් වලින් පිරී සිටිනබව රහසක් නොවේ.
යොවුන් උපදේශනය යනු , එවන් ගැටලු සහිත යොවුනන් සදහා අවබෝධයකින් හා වගකිමකින් යුතුව නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය මගෙපන්වීමක් ලබාදීමයි. මෙහිදී යොවුනන්ටම විශේෂිත වූ ප්‍රශ්ණ ගැන යථාර්තවාදීව බැලීමටත්, උපදේශනය ලබන්නාට ගැටලුවෙන් අත්මිදීමට තුඩුදෙන සාධක පිලිබදව ගැඹුරැ අවෙබා්ධයක් ලබාගැනීමට මගපෑදීමත් , උදව්වීමත් ඒ තුලින් වගකීමකින් යුතු යොවුන්වියකට යොමුකිරීමක්ද සිදුවේ. යොවුන් විය ජීවිතයේ විශේෂ අවධියකි. එම විශේෂිත අවදියට ආවේනික ප්‍රශ්ණ පිලිබදව දැඩි අවධානයකට ලක්කිරීම උපදේශන සේවය මගින් සිදුකරයි.
වත්මන් යොවුන් පරපුර වෙනත් කිසිදිනක නොවු අන්දමේ සංකීර්ණ හා සමාජ සංස්කෘතික පරිවර්ථන ප්රවාහයක හසුවී ඇති අතර , ඔවුන්ට නව සමාජ බලපෑම් විසින් මතුවන පීඩනයන්ට ඔරොත්තුදීමට අපහසුවී ඇත. විවෘත ආර්ථිකය, ගෝලීයකරනය මාධ්‍ය ජාලයන්ගේ සිදුවූ සීඝ්රවර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝනය විශ්ව ගම්මානයක් බවට පත්වීම ආදී පරිභාහිර හේතු නිසා නව සංස්කෘතික රටා ,ජීවනරටා හා ලිංගික පුරැදුද අප සමාජය තුලට සංක්‍රමණය වෙමින් පවතී. නව යොවුන් පරපුරේ බොහෝ දෙනා මෙම බලපෑම් වලට ගොදුරැ වී ඒවායේ නිස්සාරකම තේරැම් කරගැනීමට නොහැකිව මානසික කඩාවැටීම් වලට භාජනය වී ඇත.ඒ අතර සෝචනිය සිදුවීම් වලින් අවසන් වන යොවුන් ජීවිත ගනනද විශාලය. මෙම වාතාවරණය තුල උපදේශනයේ අවශ්‍යතාව වඩාත් කැපී පෙනෙන අතර , යොවුන් මානසික සුවය සමාජයේ ඉදිරි ගමනට අත්‍යාවශය සාධකයක් බවට පත්වී ඇත.
විශේෂයෙන් ගැටවර වියෙන් ආරම්භ වන ලිංගික පරිණතියත් සමග ඇතිවන සීඝ්‍ර ශාරීරික වර්ධනයත් , බුද්ධි වර්ධනයත් යොවුනන්ට නව අත්දැකිම් මෙන්ම ගැටලු ගෙන ඒමට තුඩු දී ඇත. ශාරීරික හා බුද්ධි වර්ධනයට සමගාමිව චිත්තවේග වර්ධනය නොවීම නිසා ගැටීම් , මානසික අසහන , කඩාවැටිම් හා දුක් දොම්නසින් ගහණ
“ යොවුන් වියක් ‘’ සංකීර්ණ සමාජ වාතාවරණය තුලින් සැගවී ඇත. මේ නිසා ගුරැ දෙගුරැන්ට හා වැඩිහිටියන්ට අමතරව යොවුනන්ගේ මානසික සතුට වර්ධනයට මෙන්ම ඔවුන්ගේ පෞර්ෂයන් හැඩගැස්විමට අවශ්‍ය සේවා ලබාදිම කාලින අවශ්‍යතාවක් බවට පත්වී ඇත.
ලිංගික පරිණතිය සමග ඇතිවන යොවුන් වියට ආවේනික වූ අභියෝග රාශියකට වත්මන් යෞවනයා මුහුණ දෙමින් සිටී. විශේෂයෙන්ම ලිංගික ගැටලු , කායික ගැටලු , ලිංගිකත්වය පිලිබද වැරදි වැටහීම් , ප්‍රේම සබදතා හා ඒ මත ඇතිවන කඩාවැටීම් ද විශේෂයෙන් අනාරක්ෂිත ලිංගික හැසිරීම් , අනපේක්ෂිත ගැබ් ගැනිම් , ගබිසා කරගැනිම් වැනි , කලින් මුහුණ නොදුන් අභියෝ රාශියක් මේ නිසා ඇතිවී ඇත. බොහෝ දෙනෙකුට මෙම ගැටලු වලින් ම්දීමට හෝ මුහුණ දීමට නොහැකිව අසරණ තත්වයට පත්වී සිටී. මෙවැන් තත්වයන් යටතේ කල යුත්තේ එවැන්නන්ට පිලිසරණ වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම හා අවශ්‍ය සේවා සපයන ආයතන ඇති කිරීමයි. උපදේශණ සේවා ලබා ගැනිමට යොමුවිම තුලින් යෞවනයන්ට තමන්ගේ සිතේ සතුට ලබාගැනිමයත් තමන් මුහුණ පා ඇති ගැටලු වලට සාර්ථකව මුහුණදීමේ හැකියාවත් ලැබෙනු නියතය.
අධිවේගී හා තරගකාරී සමාජයකට මුහුණ පා සිටින බොහෝ යෞවනයන් තරගකාරී අධ්‍යාපනය , විරැකියාවෙන් පෙලීම, නිසි කලදී විය යුතු විවාහය කල්යාම ආදිය නිසා අපේක්ෂා භංගත්වය හා අපැහැදිලි අනාගතයක් අතර අතරමංවී ඇත. මේ තත්වය මත්දුව්‍ය වලට යොමුවීම හා සියදිවි නසාගැනිම වැනි අහිතකර ප්රවනතා ඇතිකිරීමට සමත් වි ඇති අතර මෙම ප්රවනතාවේ බැරෑරැම්කම උපදේශණයේ ඇති අවශ්‍යතාවය අන් කවර කලකටත් වඩා වැඩිකිරීමටද හේතුවී ඇත. මේ නිසා මෙවැනි ගැටලු වලට මුහුණ දී ඇති යොවුනන් උපදේශන සේවා සදහා යොමුවීමෙන් සිතේ සතුටත්, වෙනස්වන නව ප්රවනතා වලට ඔරොත්තු දීමේ හැකියාවත් වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවේ.
ඔබේ උපදේශකවරයා ඔබේ කළ්‍යාණ මිත්‍රයාය. සැපෙහිදී මෙන්ම දුකේදීත් ඔබට පිහිට වේ. එයින් මදීමටත් , සහනයක් ලබා දිමටත් නිතරම සූදානමින් සිටින්නෙකි. එහෙත් සාමාන්‍ය මිත්‍රයෙක්ගෙන් ඔහු වෙනස් වේ. කිසිවිටකත් ඔහු ඔබට මෙය කරන්න, මෙය නොකරන්න ආදී අණදිම් හෝ අවවාද දිම් නොකරනු ඇත. ඔබගේ ගැටලුවට සාවදානව මෙන්ම මානුෂික දයාවෙන් යුතුව ඇහුම්කම් දෙනු ඇත.
ඔහු, ගැටලුවේ ස්භාවයත් ,යථාර්ථයත් , එයට හේතු වූ පසුබිමත් , ඔබට වැටහෙන්නට සලස්වනු ඇත.ඔහු ඔබගේ කළ්‍යාණ මිත්‍රයෙක් වන්නේ ,ඔබට ගැටලුවෙන් මිදිමට මග පෙන්වන නිසාම නොවේ. ඔහු ඔබගේ ගැටලුවේ රහස්‍යභාවය සියයට සියයක්ම ආරක්ෂා කරදෙනු ඇත. එය කිසිවිටෙකත් හෙළි නොවන අතර, එය රැකීමට ඔහු ශපථ කර ඇත. මේ තත්වය තුල ඔබත් ඔබගේ උපදේශකවරයාත් අතර දැඩි විශ්වාසයක් ගොඩනැගෙනු ඇත.
ඔහු, ගැටලුවේ ස්භාවයත් ,යථාර්ථයත් , එයට හේතු වූ පසුබිමත් , ඔබට වැටහෙන්නට සලස්වනු ඇත.ඔහු ඔබගේ කළ්‍යාණ මිත්‍රයෙක් වන්නේ ,ඔබට ගැටලුවෙන් මිදිමට මග පෙන්වන නිසාම නොවේ. ඔහු ඔබගේ ගැටලුවේ රහස්‍යභාවය සියයට සියයක්ම ආරක්ෂා කරදෙනු ඇත. එය කිසිවිටෙකත් හෙළි නොවන අතර, එය රැකීමට ඔහු ශපථ කර ඇත. මේ තත්වය තුල ඔබත් ඔබගේ උපදේශකවරයාත් අතර දැඩි විශ්වාසයක් ගොඩනැගෙනු ඇත.
උපදේශකවරයාට ඔබ වටිනාම පුද්ගලයාය. ඔබ මොන තත්වයේ කෙනෙකු උවත් , ඔහුට කම් නැත. ඔහු කතාකරන්නේ ඔබ තුල සිටින ඇතුළත මිනිසාටය. ඒ තුලින් මානසික පුබෝධයත් සහනයත් ලබා දිමට ඔහු සමත්වනු නියතය.ඒ ඔහු ලැබූ පුහුණුවේත් අත්දැකීමේත් මහිමයයි.
විටක උපදේශකවරයා ඔබට සුහදව ඇහුම්කන් දෙන වැඩිහිටියෙකි. වරෙක ඔබට ගැටලුවෙන් මිදිමට අවශ්‍ය දැනුම දෙන වියෙතෙකි. තවත් විටෙක ඔබේ චෛතසිකයට කතාකරන මනෝෛවද්යවරයෙකි. කළණ මිතුරෙකි. තවත්වරක ඔබේ හදවත තේරැමි ගත් සහෘදයෙකි. එම නිසා යොවුන් ඔබගේ ගැටලුව කුමක් වුවත් හොදම පිලිතුර වන්නේ ඒ සදහා උපදේශන සහය ලබා ගැනිමට යොමුවිම හා පුරැදු වීමයි.
මිනිසා උපතේ සිට මරණය තෙක්ම වෙහෙසෙන්නේ සැපෙන් හා සතුටින් හා සහනයෙන් ජීවත් වීමටයි. එහෙත් ජීවිතයේ යථාර්ථය නම් සැමදා සැප,සතුට හා සහනය නොපැවතීමයි. මේ නිසා මිනිසා නොසතුටට අසහනකාරී තත්වයන්ට මුහුණ දෙමින් , බලාපොරොත්තු කඩවිම තුල ජීවත්විමට සිදුවීඇත. සිතේ සතුට මිනිසාගේ පරම ධනය වේ. කෙනෙකු උපදේශනය තුලින් බලාපොරොත්තු වන්නේ ද මෙම පරම සතුට ළගාකර ගැනීමටය. සතුට ලබාගැනිමට ප්‍රථමයෙන් අප ගැටලුවෙන් මිදිමටත් එයට මුහුණ දීමටත් ඔරොත්තු දීමටත් හැකියාව ඇති කරගත යුතුය. සාර්ථක උපෙද්ශනයක් තුලින් එම හැකියාව ඔබට නොඅඩුව ලැබෙනු ඇත.
ඉන්පසුව ඔබට ලැබෙන්නේ මහත් සැහැල්ලුවකි. අස්වැසිල්ලකි. උපදේශකවරයා අපට උදව් වන්නේ මෙම සහනය ලබාතැනිමට අවශ්‍ය ශක්තිය ධෛර්යය අප තුල ඇතිකිරීමටය. සාර්ථක උපදේශන සැසියකින් පසුව කෙනෙකුට නව පණක් ලද්දෙකු මෙන් හත තුල මහ් සහනයක්, අභිමාණයක් හා ආත්ම තෘප්තියක් ඇතිවි පූර්ණ පරිනතියට පත්වූ බවක් දැනෙනු ඇත. මෙය මානසික සුවයයි. නැතහොත් විදීමකි. එය සාර්ථක ජීවිතයක ආරම්භයට කරන ආරාධනයකි. ඔබත් ගැටලුවෙන් මිදී අසහනයෙන් මිදී සර්ථක දිවිමගක් සදහා මුහුණ පාන ගැටලු නිසා සන්තාප නොවී උපදේශකවරයෙකුගේ සේවය ලබා දිවියේ ප්‍රසන්න බව අතවිදින්න...
Post a Comment
Post a Comment