"Windows Task Manager" විවුර්ත  කරගැනීමට යැමේදී එය විවුර්ත

 නොවීමේගැටලුවට ඔබත් මුහුණ දී ඇති කියල හිතනවා. මොකද එය මේ දවස් වල තිබෙන ප්‍රසිද්ධ වෛරස් එකක බලපෑමකින් ඇති වෙන දෝෂ සහගත තත්වයක්. එවැනි අවස්තාවකදී ඔබ විසින් එම වෛරසය ප්‍රති වෛරස මෘදුකාංගයක ආධාරයෙන් ඉවත් කරගනු ලැබුවත්. එම දෝෂය එසේම පවතිනවා. එයට හේතු වෙන්නේ එම වෛරස් එක මගින් ඔබේ පරිගනකයේ "Registry" වෙනස් කර තිබීමයි. නැවත "Task Manager" එක විවුර්ත කරගැනීමටනම් ඔබට සිදු වෙනවා එම "Registry" නිවැරදිව සකස් කරගැනීමට. මෙවැනිම තවත් දෝෂයන් තිබෙනවා උදාහරණයක් විදියට (Show/Hide Folder, CMD, MSconfig) වගේ දේවල් විවුර්ත නොවීම හඳුන්වන්න පුළුවන්.








"Windows Medikit" කියන්නේ වෛරසයක් අයින් කරත් ඒ මගින් ඉතිරිකොට තබා ගොස් තිබෙන දෝෂයන් පහසුවෙන්ම නැවත සකස් කරගැනීමට අවස්තාව ලබා දෙන "Tools" වල එකතුවක්. මේ පහත තිබෙන්නේ එම Tools කිහිපයයි. මෙම මෘදුකාංගය ඉතාමත් සීමිත ප්‍රමාණයකින් යුක්ත එකක්. නමුත් ඒ විසින් සපයන සේවාව ඉතාමත් ඉහල එකක් වෙනවා. එම මෘදුකාංගය පහතින් බාගන්න.







ඒවගේම තමයි මෙහි තවත් Option එකක්  තිබෙනවා වෛරස් අසාධනයක් නිසා ස්වයාක්‍රීයවම "Shutdown" වෙන පරිගණක වෙනුවෙන්ම වෙන්වූ. තවත් එක Option එකක් තමයි " Safe Explorer" කියන්නේ. එමගින් හැකියාව තිබෙනවා "NTFS Permissions" Reset කිරීමට File එකක් "Quarantine" කිරීමට සහ Autorun File මකාදැමීමට.

ඔබේ පරිගණකයේත් මෙවැනි දෝෂයන් තිබෙනවානම් මෙම මෘදුකාංගය භාවිතාකොට පහසුවෙන්ම ඒවා Repair කරගැනීමට අවස්තාව තිබෙනවා, වැඩි MB ප්‍රමාණයකුත් නොමැති නිසා ඕනෑම අන්තර්ජාල සම්බන්ධතාවයක් භාවිතා කරන කෙනෙකුට උනත් මෙය බාගැනීමට පුළුවන් වෙනවා.

Amazin
Powered by Blogger.