Facebook සමාජ වෙබ් අඩවිය මීට සුළු මොහොතකට පෙර ක්‍රියාවිරහිතවීමට ලක් වුණා. මේ හේතුවෙන් ලොව පුරා සිටින Facebook සමාජ වෙබ් අඩවියේ සාමාජිකයින් දැඩි අපහසුතාවයකට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වන්නේ. කෙසේ වෙතත් Facebook පරිඝණක ඉංජිනේරුවන් විසින් කෙටි කාලවේලාවක් තුළ Facebook සමාජ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කරනු ලැබුවා.  

Facebook සමාජ වෙබ් අඩවිය ක්‍රියාවිරහිතවීමට ලක් වූ අවස්ථාවේ දි ඔවන්ගේ වෙබ් අඩවියේ දිස් වූ පණිවුඩය පහතින් බලන්න....






Facebook බිඳ වැටීම ලෝකයට දැනුණු හැටි (VIDEO)

අද පස්වරුවේ මිනිත්තු 30ක පමණ කාලයක් Facebook වෙබ් අඩවිය ලොව පුරා බිඳ වැටීමකට ලක් විය.
එය එම වෙබ් අඩවිය වසර 4කට පසු බිඳ වැටී තිබූ වැඩි ම කාල සීමාව ලෙස සැලකේ.
මෙම බිඳ වැටීම ලොව පුරා බහුතර ජනතාවකගේ අනපේක්ෂිත අත්දැකීමක් විය.
Facebook වෙබ් අඩවියට ඇබ්බැහි වී සිටින ඇතැම් පුද්ගලයින් ඉන් මිනිත්තු 30කට මිදී සිය රාජකාරි සිදු කළ බව පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබේ.
එම වෙබ් අඩවි මගින් හෙළි කරන තොරතුරු අනුව ඉඟියක් ලැබෙනුයේ, Facebook වෙබ් අඩවිය වෙනුවෙන් ලොව පුරා ජනතාව වැය කරන මිනිස් පැය ප්‍රමාණය කොපමණ ද යන්න පිළිබඳව ය.
මේ අතර, Facebook වෙබ් අඩවියේ බිඳ වැටීම ත් සමග එය භාවිත කරන්නන් අඩු වූ ආකාරය පහත ප්‍රස්ථාරයෙන් හෙළිවෙයි.
fb down chart
මෙහි විශේෂත්වය වන්නේ, Facebook වෙබ් අඩවියේ බිඳ වැටීම ත් සමග Twitter වෙබ් අඩවියට පිවිසුණු පාඨක සංඛ්‍යාව ඉහළ ගිය ආකාරය පහත දැක්වේ.
twitter up chart
Facebook නිර්මාණය කළ මාර්ක් සකර්බර්ග් සිය වෙබ් අඩවිය කිසි දිනක බිඳ නොවැටෙන බවට කළ ප්‍රකාශයක් ඔහු පිළිබඳව සැකසූ චිත්‍රපටයෙහි සඳහන් වූයේ, මෙසේ ය.


Post a Comment

Amazin
Powered by Blogger.