හැමෝම වගේ ආසයිනේ 3D බලන්න මම දැන් ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද 3D බලන්නේ කියලා මේ සදහා අපිට 3D ටීවී එකක්වත් 3D කන්නාඩි දෙකක් සල්ලි දීල ගන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ අපි බලමු ගෙදර ඉදගෙනම කොහොමද මේ වගේ කරන්නේ කියලා මුලින්ම කන්නාඩි දෙක හදාගෙන ඊලගට මේ සදහා අවශ්‍ය මෘදුකාංගය ඔයාලට ලබාදෙන්නම් බලන්නකෝ ලස්සනට කන්නාඩි දෙකක් හදාගන්න හැටි
1.පියවර කාඩ්බෝර්ඩ් එකක් අරගෙන මෙන්න මේ විදිහට කණ්නාඩියක හැඩය හිටින්න රාමුවක් සකස් කරගන්න.රාමු දෙක අතර ප්‍රමාණය සමාන වන සේ නිර්මාණය කරගන්න සැලකිලිමත් වෙන්න....
මේ සදහා මදක් ඝන කාර්ද්බෝර්ඩ් කැබැල්ලක් සාදාගන්න පළමුවර නිසා අපි පිස්සු කෙලීමේදී ඇතිවන ගැටළු මේකෙන් මගහරවාගන්න පුළුවන් නැත්නම් කැඩිලා යාවි බන්....
2.පියවර දැන් අපි හදාගත්ත රාමුව කතුරක් ආධාරයෙන් කපාගෙන් පොඩ්ඩක් වැඩේ ප්‍රොෆෙෂනල් කරගන්න මෙන්න මේ විදිහට රාමුව කොලයක් අලවලා ලස්සන කරගන්න මේ කොලේ නිල පාට කොලයක් හරි ඒ වගේ කොලයක් හරි වෙනවනම් වඩා හොදයි..තව ටිකෙන් අමතක වෙනවා ඇස් දෙක පේන්න සිදුරු දෙක කපාගන්නත් අමතක කරන්න එපා
3.පියවර විනිවිද පෙනෙන කොලයක් ලන්ශීට් නම් ගන්න එපා බොරු වැඩක් වෙනවනේ ලැමිනේට් කොලයක් / පරණ ෆෝන් ස්ක්‍රීන් ගාර්ඩ් ස්ක්‍රීන් එකක් වගේ අරගෙන නිල් සහ රතු කියන පාට දෙකෙන් පැටිග්නම් එකක් හරි ව්හයිට් බෝර්ඩ් මාකර් එකක් හරි අරගෙන මෙන්න මේ විදිහට සකස් කරගන්න
4.දැන් මේ හදාගනිපු කොටු දෙක කපාගන්න මේ දෙක කපාගනිද්දී කලින් අපි හදාගත්ත රාමුවේ තියෙන සිදුරු දෙකේ ප්‍රමාණයට වඩා මදක් විශාලව නිර්මාණය කරගන්න දැන් මේ දෙක කපාගන්න
5.දැන් සෙලෝටේප් එකක් වගේ ඇලවුම් ද්‍රව්‍යක් යොදාගෙන මේ නිර්මාණය කරගනිපු කොටස් දෙක පහල තියෙන විදිහට කලින් හදපු රාමුවට අලවගන්න
6.කලින් හදාගත්ත රාමුවේ කොටස් සියල්ලම සෙලෝටේප් එකක් ආධාරයෙන් සවි කරගන්න
හරි දැන් අපේ 3D ග්ලාස් දෙකේ වැඩ කටයුතු ඉවරයි ආයිත් ගින්දර වගේ හොර බොරු නැතුව ගෙදර ඉදන් 3D බලන්න පුළුවන් විදිහට මේ ග්ලාස් දෙක නිර්මාණය කරලා තියෙනවා...මේ ඉන්න මේ වගේ 3D ග්ලාස් දෙකක් දාගනිපු නැඟී බබෙක් බලන්නකෝ තියෙන ලස්සන
හරි අපි දැන් බලමු කොහොමද අපි බලන සාමන්‍ය ෆිල්ම් එකක් 3D බවට හරවන්නේ කියලා මේ සදහා අපිට පුංචිම පුංචි වීඩියෝ ප්ලේයර් එකක් අවශ්‍ය වෙනවා පහලින් ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නකො වැඩේ කරලම දාන්න
ඔන්න ඔයාගේ මෙහෙයුම් පද්ධතියට හරි යනම එක දාගන්න ඊට පස්සේ කරන්න තියෙන්නේ සාමන්‍ය විදිහට ෆිල්ම් එකක් ප්ලේ කරලා alt+d ඔබන්නකෝ ඔන්න ඉතින් දැන් ඔයාලට 3D බලන්න පුළුවන් මම දනනවා වැඩේ 100 % සාර්ථකයි කියලා වැඩේ හොයිනම් ඔයාලගේ වටිනා කියන අදහස් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා මේ වගේ සුපිර්ම වැඩකින් ආයිත් සෙට් වෙමු යාළුවා සුභ දවසක් වේවා