පේ පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකේ පෙන් ඩ්‍රයිව් එකේ තියන ඩේට වැරදීමකින් හෝ නොදැනුවත්කමින් මැකී යාම ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ  :D ඒත් එහෙම මැකී ගියපු දත්ත නැවත ලබා ගැනීමටත් පුළුවන් බව ඔබ දන්නවත් ඇති . එවැනි මෘදුකාංග රාශියක් තිබුනත් ලේසිම සරලම මෘදුකාංගය තමයි Raid2Raid . අනිත් කරුණ තමයි , මේක නොමිලේ දෙන මෘදුකාංගයක් . මේකෙන් ඕනෙම පෙන් එකක්, පෝටබල් හාර්ඩ් ඩිස්ක් සහ මෙමරි කාඩ් එකකින් ඩිලීට් උන ඩේටා නැවත ලබා ගන්න පුළුවන් . අවශ්‍ය නම් අපි රිකවරි කරන ඩේටා image file එකක් විදියට සේව් කර ගන්නත් පුළුවන් .  


පියවර 4 යි සරලයි සුමුදුයි ....


ආහ්.... මුලින්ම Raid2Raid මෘදුකාංගය Download කරගෙන ඉන්න .

මෙන්න ලින්ක් එක   :  මෙතනින් යන්න

පියවර 1 

Raid2Raid  තුලින් ඔයාට ඩේටා රිකවර් කරන්න ඕනේ පාර්ටිෂන් එක, පෙන් එක හෝ මෙමරි කාඩ් එක සිලෙක්ට් කරන්න .

පියවර 2

ටික වෙලාවකින් අදාළ ස්ථානයේ තියන ඩිලීට් කරපු ඩේටා ටික පෙන්නයි .

පියවර 3

අදාල ඩේටා ටික ඩිස්ප්ලේ උනාම ඔබට අවශ්‍ය දත්ත සිලෙක්ට් කර Right Click කරන්න , ඒ මෙනු එකේ තියන Recover This File  කියන එක සිලෙක්ට් කරන්න .

පියවර 4

දැන් ඉතින් ඒ ඩේටා සේව් වෙන්න ඕනේ Location එක ලබා දෙන්න . දැන් එම දත්ත ඔයාට අවශ්‍ය පරිදි  Recover වෙනවා   :)


ඔච්චරයි කරන්න තියෙන්නේ ... සමහර විට මේකෙන් නැති වෙච්ච හැම ෆයිල් එකක්ම ගන්න බැරි වෙන්නත් පුළුවන් . 
Amazin
Powered by Blogger.