Facebook භාවිතා කරනවන්ම් ඉතින් මේ ගැන දැනගෙන ඉන්න එක වටිනවානෙ.


1 - Username එක , සමහර Fake Account හදන්නෙ නම වෙනස් කරලා, මෙවැනි accounts වල username එක තිබෙන්නෙ මුලදී භාවිතා කල නමයි.එය බලාගැනීමටනම් අවශ්‍ය Facebook Account එකට ගොස් browser එකේ address bar එක බලන්න.

නම වෙනස් කරලා Fake කරපු එකක්නම් පැහැදිලිවම බලාගන්න පුලුවන්.



2 - තමාගේ යැයි පවසන photo එකක් හෝ 2ක් විවිධාකාරයෙන් edit කර නැවත නැවත දැමීම බොහෝ දුරට Fake එකක් වීමට ඉඩ ඇත.




3 - එහි අයිතිකරු posts , updates දමන්නේ නැතිනම් එය සබෑ එකක් නොවන බව හොඳින්ම පෙනේ.




4 - About හී සැබෑ විස්තර වෙනුවට, විකාර කතා දැමීම , Ex :- No job company වගේ දේවල් දැමීම,ප්‍රසිද්ධ පාසල් වල නම් දැමීම වැනි තොරතුරු විවිධ අවස්ථාවල Fake accountsය. එමෙන්ම About යන කොටසේ ඉතා අඩු විස්තර ප්‍රමාණයක් දැමීම. About හී ඇති දෑ බැලීමට නොහැකි වීමත් Fake බව පෙන්වාදෙයි.




5 - සාමාන්‍යෙන් සිංහල නමක් භාවිතාකර සැබැවින්ම Fake බව පෙන්වන අයගෙ උපන්දිනය අප්‍රේල් 1 වනදා ලෙස තිබෙන අතර , ඉහත කී Fake අය ජනවාරි 1වනදා ලෙස තම උපන්දිනය දමයි. :D




6 - අපි කවුරුත් දන්න දෙයක්නෙ කෙල්ලන්ගෙ නමින් ඔය Fake වැඩ කරන එක.කලින් ලිපියෙ තිබුනෙත් එ වගේ ලස්සන පින්තූර දාගෙන හදන Accounts හදන් ඉන්න අයනෙ.බොහෝවිට Female ලෙස තිබෙන සැබෑ accounts වල එහි අයිතිකරුගේ ජංගම දුරකථන අංකය පෙන්වන්නෙ නෑ.නමුත් Fake accounts වලනම් ඉතින් පේන්නම දාල තියෙනවා.




7 - හොඳට Angle කරලා ගත්ත photo දාලා වැඩි Friends ලා ප්‍රමණයක් හා Followers ලා තියන් ඉන්න අයත් Fake වීමට ඉඩ තිබෙනවා.




8 - අසභභ්‍ය දේවල් දාන්නෙත් ඉතින් ඔය Fake අයම තමා බොහෝ විට Female විදියට හදපු accounts වලින්.




9 - තමාව මිතුරෙකු ලෙස add කරගත් විගසම message කරන්නේනම් පොඩ්ඩක් හිතල බලන්න.




10 - වෙබ් අඩවි වල links, pages like කරන්න යැයි පවසා post දාන්නෙත් ඒ අයම තමා.




11 - ලොවෙත් නැති නම් වලින් පෙනී සිටීම.




ඉතින් ඔහොම තියෙන හැමෝම Fake නෙවේ නමුත් දෙවක් හිතලා බලන්න තමන්ගෙම හොඳට.
පහල තියෙන්නෙ එකෙන් අදුනාගන්න ඉතා පහසු විදියක්
Go to the Selected Profile

Get the image location of profile picture
Reverse search it on google

See the results
  
වැඩේ හරි හියානම් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ.
Post by Sadeepa
Amazin
Powered by Blogger.