ප්‍රොසෙසර් එක පෙන්ටියම් 4 ද ? එහෙමත් නැත්නම් 3 ද ? පොඩි ට්‍රික් එකක් දාලා ප්‍රොසෙසර් එක I7 , I5 , I3 විදිහට හදමුද ? මුලින්ම කියලා ඉන්න ඕනේ මේ ක්‍රමෙන් වෙන්නේ ප්‍රොසෙසර් එකේ නම වෙනස් වෙන එක විතරයි එහෙම නැතුව ප්‍රොසෙසර් එක වෙනස් වෙන එක නෙමෙයි හොදද යාලුවනේ ඉතින් වැඩි කතා නැතුව අපි වැඩේ කරමු මේ සදහා ඕනේ වෙන්නේ notepad එක විතරයි දන්නවනේ ඉතින් notepad කියන්නේ පොඩියට තිබුනට දෙයක් කරගන්න පුළුවන් මෘදුකාංගයක් කියලා හරි එහෙනම් notepad එක ඕපන් කරගන්නකො 

a

හරි දැන් කරන්න තියෙන්නේ සුපුරුදු පරිදි කෝඩ් ටික ලියාගන්න එක පහල විදිහට ඒක ලියාගන්නකෝ ලියන්න කිව්වට ටයිප් කරගන්න තමයි තියෙන්නේ 


ලියාගන්න බැරි යාළුවො මේ කෝඩ් ටික කොපි කරලා පේස්ට් කරගන්නකො 
___________________________________________________________________________

Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]

"ProcessorNameString"="Intel(R) Core(TM) i7-2670QM @2.20GHz (8CPUs), ~2.2GHz"
 __________________________________________________________________________


 මේ Intel(R) Core(TM) i7-2670QM @2.20GHz (8CPUs), ~2.2GHz කියන තැනට ඔයාට කැමති ප්‍රොසෙසර් එකක නමක් දෙන්න පුළුවන් ඔයාගේම ප්‍රොසෙසර් එකක නමක් උනත් දෙන්න පුළුවන් ඒත් එහෙම දීලා වැඩේ මාට්ටු උනොත් නෝන්ඩි වෙන්න වෙනවනේ මචං දැන් තියෙන්නේ මේ ෆයිල් එක save කරගන්න එක මේ ෆයිල් එක සාමාන්‍ය විදිහට save කරලා හරියන්නේ නෑ .reg විදිහට තමයි save කරගන්න ඕනේ ඒක කරන්නේ මෙහෙමයි 


File > Save As... කියන විධානය ලබාදෙන්න දැන් තියෙනෙන් save කරගන්න ඒක කලින් කිව්වා වගේම save කරන්න ඕනේ .reg එකක් විදිහට 


File Name කියන තැනට proccesor.reg (proccesor වෙනුවට කැමති නමක් යොදාගන්න පුළුවන් අවසානය .reg විය යුතුමය )  ලබාදෙන්න හරි දැන් අපි අපේ ෆයිල් එක හදාගෙන ඉවරයි දැන් තියෙන්නේ වැඩේ හරිද කියලා බලන එක ඒක කරන්න වැඩි දෙයක් නෑ හදාගනිපු ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්නකෝ 


දැන් ලැබෙන මැසේජ් බාර් එක yes ලෙස සකසන්න (yes මත ක්ලික් කරන්න )


දැන් ඔයාලට මේ වගේ මැසේජ් එකක් ලැබෙයි ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි කියන එක චෙක් කරලම බලන්නකෝ අනිවා අපේ වැඩේ ගොඩ ඇති දැන් ඉතින් ඔය ලොකු ලයින් දාන පුතාලට කන්දේ දෙයි හාමුදුරුවන්ගේම පිහිටයි මං දන්නවා අද ඉදන් ලංකාවේ හැමෝම i7 , xNeon , වගේ ප්‍රොසෙසර් පාවිච්චි කරනවා කියලා එහෙනම් ගිහින් එන්නම් යාලුවනේ ලිපිය වැදගත් උනානම් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරනන් එපා..!! ආයිත් කියන්න ඕනේ මේ විදිහෙන් වෙනස් වෙන්නේ ප්‍රොසෙසර් එකේ නම විතරයි හොදද යාලුවනේ..!! තවත් අලුත් දෙයක් එක්ක සෙට් වෙමු..!

Amazin
Powered by Blogger.