'
හදිස්සියට අපි හැමෝටම ඕනි වෙන දෙයක් ගැනයි මේ කියන්න යන්නේ.අපි නෙට් එක පීරනකොට අපිට ගොඩක් වැදගත් දේවල් අනන්තවත් හම්බවෙනවා.ඒ සමහර දෙවල් අපෙන් ගිලිහී යන අවස්තා එමටයි.මේ ක්‍රමේ භාවිතා කරලා ඔයාට පුලුවන් වෙබ් අඩවිවල වෙබ් පේජ් PDF(ebook)ගොනු විදිහට save කරලා තියාගන්න.නිකන් හිතලා බලන්න,මේ විදිහට අපිට වැදගත් වෙන දෙයක් PDF එකක් විදිහට save කරලා තියාගෙන නිවාඩු පාඩුවේ වෙලාවක කියවන්න පුලුවන් නේද?.මේ විදිහට ඔයාට වැදගත් ලිපි වර්ග එකතු කරලා පුන්චි පොතක් හදාගන්නත් පුලුවන්.මන් පහලින් දාලා තියෙන වෙබ් අඩවි 5 භාවිතා කරලා ඔයාට ඒක කරගන්න පුලුවන්.


වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි.ඔයා ඔය වෙබ් අඩවි 5න් කැමති එකකට යන්න.ඊට පස්සේ ඔයාට PDF කරන්න ඕන වෙබ් පේජ් එකේ ලින්ක් එක දෙන්න කියනවා.එතනට ලින්ක් එක දීලා convert to PDF ක්ලික් කරන්න ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාට ඔයාගේ PDF එක ඔයාගේ පරිඝනකයට save කරගන්න පුලුවන්.

මේක ගොඩක් කට්ටිය දන්න දෙයක් වෙන්න පුලුවන් ඒත් නොදන්න අය එක් කෙනෙක් හරි ඉන්න පුලුවන් නිසයි සයිට් එකට දාන්න හිතුනේ..
Amazin
Powered by Blogger.