මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෙනිෆර් ලෝරන්ස්ගේ සමීපතයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ මෙම සිදුවීම පුද්ගලිකත්වය නින්දිත අයුරින් උල්ලංඝනය කිරීමක් බවයි. එමෙන්ම මේ වෙනවිටත් ඒ සඳහා නීතිමය පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා.
පහතින් දැක්වෙන්නේ මෙම අන්තර්ජාල දත්ත සොරකමට හසුව සිටින ජනප්‍රිය තාරකාවන් ය.
Aly and AJ Michalka, Aubrey Plaza, Abby Elliott, Avril Lavigne, Amber Heard, Brie Larson, Candice Swanepoel, Cara Delevigne, Emily Ratjakowski, Farrah Abraham, Gabrielle Union, Hayden Pannettiere, Hope Solo, Hillary Duff, Jenny McCarthy, Kayley Cuoco, Kate Upton, Kate Bosworth, Keke Palmer, Kim Kardashian, Kirsten Dunst, Krysten Ritter, Lea Michele, Lizzy Caplan, Mary Kate Olsen, Mary Elizabeth Winstead, Rihanna, Scarlet Johansson, Selena Gomez, Vanessa Hudgens, Wynona Ryder, Alison Brie and Dave Franco.
නමුත් ඇපල් සමාගම පවසන පරිදි නම් iCloud හැක් කිරීමට ඇති හැකියාව බොහෝමත්ම අවමයි. iCloud සඳහා ඔබේ දත්ත (ඡායාරූප, වීඩියෝපට) යැවීමේදීත්, ඒවා සර්වර් වල ස්ථාපිත කර ඇති විටත් 128 Bit AES encryption එකකට යටත්වනවා. ඒ නිසා හොඳ මුරපදයක් භාවිත කර ඇත්නම් සාමාන්‍යෙයන් ඔබේ ගිණුම හැක්වීමේ අවධානමක් නැති තරම්. ඒ වගේම මේ හැකිවීම සිදුව ඇත්තේ iCloud හරහා විය නොහැකි බවයි Apple සමාගම නම් පවසන්නේ.
මේ සිදුවීමට හේතුව කුමක් වුවත් ඔබේ ජංගම දුරකථනය හෝ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධව ඇත්නම් පහත දැක්වෙන ආරක්ෂිත පියවර අනුගමනය කරනවානම් එය වැදගත්.
- ආරක්ෂිත, පහසුවෙන් අනුමාන කළ නොහැකි මුරපදයක් භාවිත කිරීම.
- දෙවන පියවරක ආරක්ෂාවක් අනුගමනය කිරීම.
- ජංගම දුරකථන හෝ පරිගණක හැකි සෑම විටම Lock කර තිබීම.
- නවතම මෙහෙයුම් පද්ධතියට update කර තිබීම.
* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
මෙය උපුටා ගත් ලිපියකි