ස්ලයිඩින් ස්ප්‍රිං ලෙස හඳුන්වන සී/2013 ඒ 1 නමැති වල්ගාතරුව ඉරිදා (19) අඟහරුට වඩාත් සමීපව ගමන් කරන මොහොතේ දී අඟහරු වටා කක්ෂගත කැර ඇති මාවෙන් අභ්‍යාවකාශ යානය උපයෝගී කරගෙන වල්ගාතරුව අධ්‍යයනය කිරීමට කටයුතු කරණ බව නාසා ආයතනය පවසයි.


වල්ගාතරුව ඉරිදා අඟහරු ග්‍රහයාට සැතපුම් 87,000ක් දුරින් ගමන් කරනු ඇත. එය පෘථිවිය හා සඳු අතර ඇති දුර මෙන් අඩකි. නාසා ආයතනය පවසන්නේ මේ අවස්ථාව වල්ගාතරුව ගවේෂණය කිරීමටත් වල්ගාතරුව හේතුවෙන් අඟහරුගේ වායුගෝලයේ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කිරීමටත් මෙය මහඟු අවස්ථාවක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
නාසා ආයතනය පවසන්නේ අඟහරුමත ගොඩබස්වා ඇති කියුරියෝසිටි යානයෙන් ද වල්ගාතරුවේ හැසිරීම සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් ලබාගත හැකිවන බවයි. පෘථිවියේ වායුගෝලයට වඩා අඩු ඝනත්වයකින් යුතු අඟහරු වායුගෝලයට වල්ගාතරුවේ දූවිලි අංශු මගින් විශාල බලපෑමක් ඇතිවේ යැයි විද්‍යාඥයන්ගේ අපේක්ෂාවයි.
හබල් දුරේක්ෂය ඇතුළු දුරේක්ෂ සියල්ල ඉරිදා මේ ධූම කේතුව හා අඟහරු ග්‍රහයා අධ්‍යයනයට යොමු කිරීමට ලොවපුරා තාරකා විද්‍යාඥයෝ සූදානම්ව සිටිති.
NASA-14090-Comet-C2013A1-SidingSpring-Hubble-20140311 - Copy
Amazin
Powered by Blogger.