https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeQ6EvfzjHm9pgvGjOJQoAN3wwC9lVlfB5BlofS_e0Kv0jy8in6s1hibIsAIwi0Fs_k1gqeZUvNnJoSnu7w7NHBvhQjirux0byu8O3OgymURk5QU6y9xkRpHrfhM5AjPPLcBU9DKTMEQ9e/s1600/ali.jpg

පිට සක්වල ජීවීන් ලෙස අප සාමාන්‍යයෙන් හදුන් වන්නේ අපගේ ලෝකයෙන් පරි බහිරව සිටිනවා යැයි අප සලකන ජීවින් කොටසකී. මොවුන් සම්බන්ධ අපගේ මුලික පිළිගැනීමට අනුව ඔවුන් මිනිස්න්ට වඩා බුද්ධියෙන් හා තාක්‍ෂණයෙන් ඉතාම ඉහළ තලයක පවතී. අපගේ ලෝකය සමග නොයෙකුත් ආකාරයෙන් ගනුදෙනු කළ පිට 

සක්වල ජීවීන් සම්බන්ධ නොයෙකුත් පර්යේෂණ පුරා විද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් විසින් සිදු කොට ඇත. ඔවුන්ගේ නිගමනයන්ට අනුව ඊජිප්තුවේ පිරමීඩවල තැනීමට මෙන්ම ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට ද පිට සක්වල ජීවීන්ගේ ක‍්‍රියාකාරකම් හා තාක්‍ෂණික ඥානය සම්බන්ධව ඇත. එමෙන්ම අපගේ ප‍්‍රාථමික මානවයින් විසින් අදින ලද ගූහා ආශ‍්‍රිත චිත‍්‍රයන්ගෙන් මෙන්ම මානව ශිෂ්ඨාචාරයේ නොමැකෙන සටහන් ලෙස සඳහන් වන ඊජිප්තුවේ පිරමීඩ වලින්ද ඒ හා සම්බන්ධ රූප සටහන් හමුවේ.


බටහිර විද්‍යාඥයන් පිට සක්වල ජීවීන් සම්බන්ධව මෙන්ම ජීවය පිටසක්වලට ව්‍යාප්ත කිරීම සම්බන්ධව නොයෙකුත් ආකාරයේ පර්යේෂණයන්හී නියලී සිටියි. එම විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂනයන්ට අනුව කිසියම් ආකාර වු ග‍්‍රහ වස්තුවක ජිවානුවක් සොයා ගැනීමට විද්‍යාඥයින් තවමත් අසමත්ව ඇත. එසේමුත් මෑත කාලීනව ඔවුන් උත්සයා දරනුයේ අගහරු ග‍්‍රහයාගෙන් ජීවාණුවක් සොයා ගැනීමටය. එහි නවතම උත්සාහය ලෙස යානයක ආකාරයෙන් සකසන ලද කුටියක මිනිසුන් 06 දෙනෙකු මාස 18 කාලයක් ජීවත්වීමට සැලැස්වීම එම විද්‍යාඥයින්ගේ නවතම පර්යේෂණයවේ.

බුදු දහම ශ‍්‍රි ලංකාව තුළ මුල් බැසගෙන අපගේ සංස්කෘතික, ආර්ථික,දේශපාලනික,සදාචාර හා නෛතික යන සෑම අංශයකටම මහාපරිමානයෙන් බලපාන ලද ඉන්දියානූ දායදයකි. අප බුදු දහම ආරක්‍ෂාකොට ගෙන එය පවත්වාගෙන යෑම තුලින් විද්‍යාත්මකව ගොඩ නැගෙන නව ලෝකය තුල අපගේ පැවැතම හා දර්ශනයේ වලංගුතාවය කවරාකාරද යන්නට ප‍්‍රවේශයක් අප ගත යුතුය. එයට ප‍්‍රවේශයක් ලෙස බුදුදහම තුලින් ආලෝකමත් වන පිටසක්වල 


ජීවින් සම්බන්ධ මෙම අධ්‍යනය වැදගත් වේය යන්න මාගේ පෞද්ගලික විශ්වාසය වේ. එමෙන්ම බුදු දහම වසර 2600 කට ආසන්න ඉතිහාසයක් ඇති මානව විද්‍යාත්මක චින්තන ප‍්‍රකාරයක් ලෙස අද එහි වලංගුතාවය සම්බන්ධයෙන්ද මෙවැනි අධ්‍යනයක් තුළින් බුද්ධිමත් ලෙස ඒ සම්බන්දව අධ්‍යනය කරන සැමට ආලෝකයකී.


පිට සක්වල ජීවීන් හැදිනවීම සඳහා ඉංගී‍්‍රසි ව්‍යවහාරයෙහි යෙදෙන ‘Alien’ නැමැති වචනය බෞද්ධ සිංහල කථා කරන අපගේ ශබ්ද කෝෂයට අයත් නොවේ. එමෙන්ම බෞද්ධ සාහිථ්‍ය මූලාශ‍්‍රවල පිට සක්වල ජීවීන් ලෙස හැදින් වෙන ව්‍යවහාරයක්ද නොමැත. එසේනම් බුදු දහම තුළ පිට සක්වල ජීවීන් සම්බන්ධව කථා කළ හැකිද? යන පැනය ඇති වීමට ඉඩ ඇත. පිට සක්වල ජීවීන් සම්බන්ධ බුදුදහම මෙම ප‍්‍රවේශයට සෘජුවම අදාලවන සාකච්ඡාවක් ඇත. 


එනම් දෙවියන් සම්බන්ධ කථා ප‍්‍රවෘත්තීන්ය. දේව ලෙස හැදින්වෙන මෙම ශබ්දය ශබ්දක් ප‍්‍රකෘත්තියක් ලෙස බූදුදහමෙහි සඳහන් වන පිට සක්වල ජීවීන් සම්බන්ධ පිළිගැනීම දිව් නැමැති ශබ්දප‍්‍රකෘත්තියෙන් ගොඩ නැගෙන්නකී. දිව් නැමැති ශබ්ද ප‍්‍රකෘත්තියෙන් අදහස් වන්නේ බබලන නැමැති අදහාසය. එම ශබ්ද ප‍්‍රකෘත්තියෙන් ගොඩ නැගෙන නාමයෙන් දේව නැමැති නාම පදය ගොඩ නැගී ඇත. එය බුදු දහමෙහි ව්‍යවහාර භාෂාව වන පාළි භාෂාවෙහි මෙන්ම මානව වංශ කථාවේ ඉපැරනිම භාෂාවක් වන සංස්කෘත භාෂාවෙහිදීද සමානාර්ථව යෙදෙයි. සිංහල භාෂාවට දේව ශබ්දය තත්සම යෙවත් ශබ්දයක් බිහිවෙන මුලික භාෂාවන්ට සමානාකාරයෙන්ම බිහිව ඇත.

දෙවියා යනු බබළන පුද්ගලයෙකු හැදින්වීමට යෙදෙන නාමයකී.මෙම බබළන පුද්ගලයින් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ මිනිසාගෙන් වෙනස් වන අන්‍ය වූ සත්ව කොට්ඨාෂයක් ලෙසය. එමෙන්ම මෙම සත්ව කොට්ඨාෂය පෘථිවියේ කි‍්‍රයාකාරකම් වලට ද සෘජුවම මැදිහත්වන බව භුමටු දේවා යන විශේෂිත නාමයෙන් හදුනා ගැනීමට පුලුවන. එනම් පොළවේ වාසය කරන දේව කොට්ඨාෂයක් ගැන මෙමගින් ප‍්‍රකාශ වේ. එයට අමතරව නොයෙක් නාමයන්ගෙන් හැදින්වෙන දේව කොට්ඨාශයන් ගණනාවක් සම්බන්ධව බුදු රජාණන් වාහන්සේ විසින් දේශණා කරන ලද සුත‍්‍ර ගණනාවකින් කරුණු ගෙන හැර දැක්වීමට පුලූවන. මෙම සුත‍්‍ර අතර බුදු රජාණන් වාහාන්සේ විසින් දේශණා කරන ලද ප‍්‍රථම සුත‍්‍රය වන ධම්ම චක්කප්පවත්තන සුත‍්‍රයේ සදහාන් වන විස්තරය මෙසේය.

ඉමස්මිං ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්ඛුං උදපාදි’යං කිඤ්චී සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්තී’


යම් එක්කොට ගැනීමක් වෙද ඒ සියල්ල නිරෝද වන්නේය. යන මෙම පහදාදීමත් සමගම ආයස්මත් කොණ්ඩඤ්ඤයන් කෙලෙස් රහිත වූ අවිද්‍යාව නැමැති මළකඩ රහිත වූ දහම් ඇස පහළ විය.
බුදු රජාණන් වාහාන්සේට මිනිසුන්හට පැහැදිලි කිරීමට අවශ්‍ය වූ මෙම මූලික සත්‍යය පෘථිවි වාසින්ගෙන් වටහා ගත් පළමුවන තැනැත්තා ලෙස කොණ්ඩඤ්ඤ හිමියන් ලෙස මෙමගින් ප‍්‍රකාශිතය. බුදු රජාණන් වාහාන්සේගේ මෙම පළමු දෙශණාව හා එයට පෘථීවි වාසීන් දක්වන ප‍්‍රතිචාරය දෙස විමසිලිමත්ව බලාගෙන සිටි තෙවන පාර්ශවයක් ලෙස ධම්ම චක්කප්පවත්තන සුත‍්‍රයේදි දෙවියන් ගැන සදහන් වෙ.
බුදු රජාණන් වාහාන්සේගේ මෙම දේශණාව හා එය අවබෝධ කරගැනීම ස ම්බන්ධව මානවයන් නොවන සත්ව කොටඨාසයක් ලෙස පළමුව නිරීක්‍ෂණය කරන්නන් වන්නේ පොළව වාසී දෙවියන්ය. බුදු රජාණන් වාහාන්සේගේ දේශණාව සාර්තක බව මෙම ජීවීන් විසින් චාතුම් මහාරාජික දෙවියන් වෙත සන්නිවේදනය කරයි. එතැන් සිට මෙම සන්නි වේදන ක‍්‍රියාවලිය සිදු වන දේව ලෝකයන් පිළිබදව ධම්ම චක්කප්පවත්තන සූත‍්‍රයේ සදහන් වන්නේ මෙසේය.

තාවතිංස දේව ලෝකය ර්‍නියම ර්‍ණතුසිත ර්‍ණනිම‘මාණරති පරනිම්මිත වසවත්ති බ‍්‍රහ්මපාරි සජ්ජ බ‍්‍රහ්ම පුරෝහිත මහා බ‍්‍රහ්ම පරිතාභ අප්පමානභා ආභස්සර පරිත්තාන සුභ අප්පමාන සුභ අප්පමාන සුභා සුභිකිණ්නකා වේහප්ඵලා අවිහා අතප්ප සුදස්සා සුදස්සි අකනිට්ඨකා ලෙස පෘථිවි වාසින් නොවන අන්‍ය ජීවීන් කොටස් 22 ගැන සදහන් වේ.


ධම්ම චක්කප්පවත්තන සුත‍්‍රයෙදීම අප මෙහිදි දේව යනුවෙන් නම් කල සත්ව කොට්ඨාෂය ප‍්‍රධාන කොටස් 03ක් යටතේ වර්ගීකරනය කර ඇත.එනම් දේව මාර සහ බ‍්‍රහ්ම වශයෙනි.මෙම සියලුම දේවියන්ගේ ආනුභාවය ඉක්මවා බුදු රජාණන් වාහාන්සේගේ මෙම යථාර්තවාදි දේශණාවේ ආනුභාවය විශ්වය පුරා ව්‍යාප්තව ගිය බව එහි සදහාන්ය.


බුදු රජාණන් වාහාන්සේගේ මෙම පළමු දේශණාව සමග සම්බන්ධ වු විද්‍යාත්මකව මානව වර්ගයාට වඩා දියුණු මෙම සත්ව කොට්ඨාෂයන් පසුව බුදු රජාණන් වාහාන්සේගේ ජීවන චරිතය තුළ නොයෙක්විට නොයෙක් ආකාරයෙන් සම්බන්ධව ඇත. එමෙන්ම ඇතැම් අවස්ථාවලදී විශ්වමය ගැටලු රැගෙන බුදු රජාණන් වාහාන්සේ හමුවීමට පැමින ඇත.

බෞද්ධ ජනතාව තුළ අතිශයින්ම ප‍්‍රකට සූත‍්‍රයක් වන මහා මංගල සූත‍්‍රය මෙයට කදිම නිදසුනක් ලෙස පෙන්වා දීමට පුලුවන එකල්හී එක්තරා දෙවියෙක් මද්‍යම රාති‍්‍රය ඉක්මවත්ම මුලු ජේතවනයම බබුලුවාගෙන බුදු රජාණන් වාහන්සේ හමුවීමට පැමිණි බව එහි සදහන්ය.එසේ දෙවියන් පෘථිවියට පැමිණිමට යොදා ගත් ක‍්‍රම වේදය වෙනම අධ්‍යනය කල පුතු ක‍්‍රම වේදයක් ලෙස පෙන්වා දීමට පුලුවන. කෙසේමුත් එම දෙවියන් පැමිණෙන විට මුලු ජේතවනාරාමයම ආලෝකමත්ව ගිය බව මෙම සුත‍්‍රයේ සදහාන් වන වැදගත් කාරනය වේ.

ඉහතින් දක්වන කාරණාවන්ගෙන් සනාථ වන ප‍්‍රධානතම කාරණය වන්නේ බුදු රජාණන් වාහාන්සේ පෘථිවියේ නොවන වෙනත් ස්ථානවල වාසය කල ජීවින් සමග සෘජූ සම් බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවය. එනම් මෙම ජීවීන් කොට්ඨාසයන් මනඃ කල්පිතයන් නොවන අතර සැබවින්ම සජීවිව බුදු දහම සමග සම්බන්ධව ඇති බවය.එසේ සජීවිව සම් බන්ධ නොවුවේනම් ඔවුන් සිතින්මවා ගත් මනඃ කල්පිතයන් වන අතර එසේ වූ විට බුදු දහාමේ මනඃ කල්පිතමය අංශයක් ඇතැයි අපට නිගමනය කිරිමට පුලුවන. එසේම අනෙක් අතට එය මනඃ කල්පිතයක් නොවන්නේනම් බුදු දහාම මගින් සාකච්ඡාවට ලක් වන කාරණාවන් වීශ්වීයමය අගයකින් යුක්තව සාකච්ඡාවට ලක් වන කාරණාවන් ලෙස පෙන්වා දීමට පුලුවන.

මිනිසුන් නොවන අන්‍ය ජීවින්බුදු දහාම සමග සම්බන්ධ කිරීම

 මගින් බුදු දහාම මානව දහාමක්ය යන කාරණාව ඉක්මවා ගොස් එය වීශ්වීය දහමක් බවට පත් වේ. ඒ අනුව නාසා ආයතනය මගින් විශ්වයට මුදාහල පණිවිඩය සිංයල භාෂාව මගින්ද මුදාහැරීම ඔවුන් අප සම්බන්ධයෙන් කළ අධ්‍යනයන්ගේ ප‍්‍රථිඵලයක් විය යුතුය. එසේම මෙමගින් එළබීමට හැකි තවත් එක් නිගමනයක් වන්නේ සිංහලයා යනු ව්‍යාප්තව යන මානව වර්ගයා තුළ හුදෙකලාව වදවී යන ජාතියක් නොව විශ්වීය වශයෙන් වැදගත් වන දර්ශනයකට හිමිකම් කියන ජාතියක් ලෙසද මෙමගින් පෙන්වා දීමට පුලුවන. එමෙන්ම ප‍්‍රකට විද්‍යාඥයෙකුවන ඇල්බර්ට් අයින්ස් ටයින් බුදු දහම අනාගතයේදි මානව වර්ගයාගේ ප‍්‍රධාන ආගම බවට පත්වන බවට ඉඟිඟි කරන්නට ඇත්තේද මෙම කාරණය නිසා වන්නට ඇත.

Amazin
Powered by Blogger.