Paul Budnitz නම් පුද්ගලයෙක් හා ඔහුගේ මිතුරන් පිරිසකට පමණක් භාවිතා කිරීමට නිර්මාණය වුනු වෙබ් අඩවියක් මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වෙමින් පවතින බවට වාර්තා වෙනවා.
(Ello) නමින් පසුගිය අගෝස්තු 7 වැනිදා හඳුන්වා දුන් නව සමාජ ජාල වෙබ් අඩවියට පැයකට ඉල්ලිම් (requests) 31,000ක් පමණ ලැබෙන බවට මෙහි නිර්මාතෘ වන පෝල් බීබීසී පුවත් සේවයට ප්‍රකාශකොට ඇත.
එලෝ අඩවිය විසින් දැන්වීම සඳහා වැඩි ඉඩක් ලබා නොදීමත් පරිශිලකයන්ගේ දත්ත අන් අයට භාවිතාකිරීමට නොදීමත් නිසා මෙය ඉතාමත් ඉහලින් ජනප්‍රිය වී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවෙන්නේ.
ඉහත කරුණු නිසාම මෙම අඩවිය "ඇන්ටි ෆේස්බුක්" නොහොත් ෆේස්බුක් විරෝධී වෙබ් අඩවියක් ලෙසටද බොහෝ දෙනා හඳුන්වන්නටත් පුරුදු වී ඇති බවයි වාර්තාවන්නේ. එහෙත් එම වෙඩ් අඩවිය අනාගතයේදී එහි අඩංගු වන features විකිණීමෙන් මුදල් ඉපයීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකානු ජාතික බඩ්නිට්ස් පවසා ඇත.
අන්තර්ජාලයේ පවතින අනෙකුත් ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි හා සැසඳූ කල එලෝ වෙබ් අඩවිය බැලූබැල්මට පරිශ්‍රීලක මිත්‍ර (user-friendly) වෙබ් අඩවියක් ලෙස දිස් නොවුනත් එය සරලය මෙන්ම ඉතා ඉක්මන් කටයුතු කරගැනීමට පහසු බවයි එය භාවිතාකල අය අදහස් දක්වමින් ප්‍රකාශකොට ඇත්තේ.
* *
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න aluthlanka.com සාමාජික අත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්