තාක්ෂණික ලෝකයේ අති ජනප්‍රිය නාමයක්වන Nokia නාමය අමෙරිකානු ඩොලර් බිලියන 07 කට මයික්‍රොසොෆ්ට් ආයතනය මිල දී ගෙන ඇතැයි වාර්තා වේ
ඉතා ශීඝයෙන් වෙළෙඳපොළ ආක්‍රමණය කළ සැම්සුන්, ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් අයිෆෝන් උන්මාදය හේතුවෙන් අති දැවැන්ත පාඩුවකට ලක් ව සිටින Nokia සමාගම මෙම තීරණය ගෙන තිබේ.
මේ ගණුදෙනුවත් සමග එළැඹ ඇති ගිවිසුම්වලට අනුව ඉදිරියේ දී පැමිණෙන සුපුරුදු Nokia නාමයෙන් පැමිණෙන දුරකතන Microsoft බවට පත් වේ.
මේ වනවිට Nokia Lumia ලෙස පැමිණෙන Microsoft Lumia ලෙස පැමිණීම ඊට උදාහරණ ලෙස පෙන්වා දිය හැකි ය. මෙම එකඟතා ගිවිසුම අනුව Nokia ප්‍රධාන විධායක ස්ටීවන් එලොප් ඇතුළු එහි විධායකයින් රැසක් Microsoft සමාගමට එක් ව සිටී.
Nokia ආයතනය විසින් මෙම වෙනස්වීම අපූරු වීඩියෝවකින් ඉදිරිපත් කර තිබේ. එය පහළින් නරඹන්න.