ඉන්දියාවේ Times of India පුවත් වෙබ් අඩවිය බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් සම්බන්ධයෙන් පළ කළ ඡායාරූපයකට සහ එම ඡායාරූපය පිළිබඳ සටහනකට එරෙහිව දැවැන්ත රැල්ලක් නිර්මාණය වෙමින් පවතී.
දීපිකා පාදුකෝන් සිය උඩුකය සුළු වශයෙන් නිරාවරණය වන ඇඳුමකින් සැරසී ගත් ඡායාරූපයක් මෙම ගැටුමට මුල් වී තිබේ.
ඒ සම්බන්ධයෙන් Times of India පළ කළ සටහනට විරෝධය පළ කරමින් දීපිකා පාදුකෝන් සිය Twitter ගිණුමෙහි අදහස් දක්වා තිබිණි.
ඉන්පසුව Times of India වෙබ් අඩවිය එම ඡායාරූපය ඉවත් කළේ ය.
කෙසේ වෙතත්, මෙම සිද්ධියේදී Times of India වෙබ් අඩවියට එරෙහිව #IStandWithDeepikaPadukone යනුවෙන් Twitter වෙබ් අඩවිය තුළින් දැවැන්ත විරෝධයක් ආරම්භ කෙරිණි.
ඒ සඳහා සහය පළ කරමින් #IStandWithDeepikaPadukone යටතේ පළ කර ඇති Tweets සංඛ්‍යාව මේ වන විට 25000 ඉක්මවා තිබේ.
ඊට බොලිවුඩ් නිළියන් රැසක් ද එක්ව සිටිති.