අනාගතයේදී පෘථිවිය හා ගැටීමට ඉඩ ඇති දැවැන්ත ඇස්ටරොයිඩයක් සොයාගැනීම මොස්කව් විශ්වවිද්‍යාලයේ රොබෝ දුරේක්ෂයක් සමත්ව ඇතැයි වාර්තා වේ.
මෙම ඇස්ටරොයිඩය 2014 UR116 6 ලෙස නම් කර ඇති අතර එහි විෂ්කම්භය මීටර් 370ක් පමණ වෙතැයි පැවසේ.
ඒ අනුව මෙය පෘථිවියට අනතුරුදායක ලෙස නම් කර ඇති ඇපොෆිස් ග්රහකයටත් වඩා විශාලත්වයෙන් වැඩිය. ග්රහකය සොයාගත් දුරේක්ෂය කොකේසස් කඳුකර ප්‍රදේශයේ කිසිලොවොඞ්ස්ක් නගරයට ආසන්නයෙන් පිහිටා ඇතැයි පැවසේ.
ග්රහකය සොයාගත් වහාම ඒ පිළිබඳ තොරතුරු ස්මිත්සෝනියන් තාරකා භෞතික විද්‍යා නිරීක්ෂණාගාරය වෙත ලබාදී ඇත.
පසුව සිදුකළ පරීක්ෂණයන්ගෙන් හෙළිවී ඇත්තේ ග්රහකය සිකුරු සහ අගහරු ග්‍රහයන් අසලින්ද ගමන් කරන බැවින් ගමන් පථයේ වෙනස්කම් සිදුවිය හැකි බවයි.
2013 පෙබරවාරි මසදී රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරයට ඉහළින් සිදුවූ උල්කා පිපුරුමේ බලය ටී.එන්.ටී කිලෝටොන් 300-500 පමණ වන්නට ඇතැයි සැලකෙන අතර විෂ්කම්භය මීටර් 17ක් පමණ කුඩා ග්රහකයක් වන එය කිලෝමීටර් 20ක් ඉහළ අහසේදී දැවී යන ලදී.
නමුත් 2014 UR116 ග්රහකය පෘථිවියේ ගැටුණහොත් එමගින් චෙල්බින්ස්ක් මෙන් දහස් ගුණයක් විශාල පිපුරුමක් ජනිත කරනු ඇති අතර එවැන්නකින් විශාල හානියක් සිදුවනු ඇත.
කෙසේවෙතත් විද්‍යාඥයින් පවසා ඇත්තේ ඉදිරි වසර 6 තුළ ඇස්ටරොයිඩයෙන් අනතුරක් නොවනු ඇති බවයි.