හරි මන් අද කියල දෙන්නේ පිටසක්වල ජීවීන් ගැන මුල ඉදලා ලොකු විස්තරයක්..මේක ලොකු පොඩි හැමෝටම වැදගත් වෙනවා..විශේෂයෙන්ම අද කාලේ ඉගෙන ගන්න ළමයින්ට...එක නිසා මේක මග අරින්න එපා....
හරි දැන් මන් කතන්දරේ කියන්නන් සම්පුර්ණයෙන්...
පිටසක්වල ජීවීන්ගේ ආරම්භය
පළමුවෙනි සිද්ධිය
ඉස්සෙල්ලම පිටසක්වල ජීවීන් දැක්කා කියලා කියන සිද්ධියක් ආරංචි වෙන්නේ 1949 නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ රොස්වෙල් කියන ප්‍රදේශයෙන්.කතාව පටන් ගන්නේ,1947 ජූලි මාසයේ එක දවසක(දිනය අනාවරණය කර නැත)දීසියක හැඩය ගත්තු ඒ කියන්නේ පියාබන පීරිසියක්,ඇ.එ.ජනපදයේ නිරිත දිශාවෙන් දැක්කයි කතාවෙන්.ඊලඟ දවසේ ගොවියෙක් තම පුතා සමග තමන්ගේ ගොවිපලට යනකොට අනතුරකට ලක්වුනු සුන්බුන් ගොඩක් දැකලා.ඒ මොකක්ද කියලා හිතාගන්ට බැරි උනු ගොවියා පොලිස් නිලධාරීන්ට කතා කිරීමත් සමග එම ස්ථානයට පැමිණ තිබෙන්නේ යුද හමුදා සෙබලුන් සමග වෙනත් කණ්ඩායමක්. ප්‍රචාරය උනේ අනතුරට ලක්වී තිබෙන්නේ ඇමරිකානු ගුවන් හමුදාවට අයිති අලුත්ම,කාලගුන බැලූනයක් කියලයි.අහිංසක ගොවියා මොනා උනාද දන්නෙත් නෑ පොලිස් අත් අඩංගුවේ සුමානයක් ගත කරන්ටත් සිදුවෙලා.
දෙවෙනි සිද්ධිය
ඊලඟටත් මේ වගේම සිද්ධියක් වෙනවා 1949දී.එහිදී නම් අනතුරින් මියගිය පිට සක්වල ජීවීන් හයදෙනෙකු මුණු ගැහුනු බවක් කියනවා.ඉතින් මේ සත්වයො,අඩි හතරක් පමන උස ඇති,අලු පැහැති සුමට සමක් තියෙන,මිනිස් මුහුනුවරට සමානකම් ඇති,බළල් ඇස් තියෙන කොටසක්ලු.ඉතින් මේ සිද්දිය එලියට ආවේ එයාලට අවශ්‍ය මිනී පෙට්ටි ගන්ට සාප්පුවකට කතා කල වෙලාවේ ඒ අයිතිකාරයා එහි ගිය වෙලාවෙලු.යුද හමුදා ඒකකයකට ගිය ඔහුව,එතනින් එලවගෙන තියනවා...කඩියන් වගේ, කඩි කුල්ලප්පුවෙන් වැඩ කරපු කොටසක් තමයි ඔහු දැකලා තියෙන්නේ.එක හෙදියක් පැවසූ ආකාරයට,ඒ මියගිය ජීවීන්ගේ හදවත් ටී අකුරක හැඩයට කපලා ඉන් එක අවයවක් පමනක් එලියට ගත් බව මේ හෙදිය පවසලා තියෙනවා.මේ විස්තර එලියට දැමීමේ වරද නිසා,එයා වැඩ කරන තැනින් මාරු කලා මදිවට,ඈ ගමන් කල ගුවන් යානය අන්තුරකට භාජනය වෙලා ඈ මිය ගිහින් තියනවා.
Aliens
පියාඹන පීරිසි
පියාඹන පීරිසියක් ප්‍රථම වරට දැක තියෙන කියල කියන්නේ..බෙටී කෑශ් සහ විකී ලැන්ඩ්රම් කියන මැදිවියේ ඇමරිකානු කාන්තාවන් දෙන්නා.සිද්ධිය සිදුවෙලා තියෙන්නේ,ටෙක්සාස් ප්‍රාන්තයේ පාලු කතරක,රිය පදවමින් ඉන්න අවස්තාවකලු. එයාලා දැකලා තියෙන්නේ දියමන්තියක හැඩය ගත්තු දීප්තිමත් වස්තුවක්,අහසේ ඉතා පහලින් ඔවුන් දෙසට එන විදියයි.ඒ සිද්ධිය දුටු විකීගේ හත් හැවිරිදි මුණුබුරා කෑගහද්දි,බෙටී බැහැලා ඒ අසිරිමත් දර්ශනය නැරඹුවලු.එයා කියන විදියට,ඉන් නිකුත් වුනු තාප තරංග ඉවසන්ට බැරි තරම් කියලා තමයි බෙටී පවසලා තිබුනේ.ප්රශ්නය වුනේ මේ තිදෙනාම පසුව රෝගීවූ නිසයි. ඔවුන්ගේ සමේ,හිස්කබලේ පවා,බුබුලු ඇවිත් ඒවා පුපුරලා තුවාලවෙලා තියනවා.බෙටී වමනය,පාචනය වගේ දේවලිනුත් පෙලුනා වගේම එයාගේ ඇස් ඉදිමිලා,අන්ධ භාවයට පත් වෙලා තියනවා.පසුව කෙස් පවා වැටෙන්ට පටන්ගෙන.අන්තිමට හොයා ගත නොහැකි රෝගී තත්වයකින් ඈ මියගිහින්.
පියාබන පීරිසියක්
මීට අමතරව මෙම පිටසක්වල ජීවීන් උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, දකුනු ඇමරිකාව වගේ රටවල සතුන් පැහැරගෙන ගොස් ඔවුන්ගේ අවයව ගත්තට පස්සේ,මලකුනු ආපහු දැමීමේ සිද්ධි වාර්ථා වෙනවා 1967 දී විතර.මේ සිද්ධි වාර්ථා කරන ගොවියන් පවසන්නේ,හිටපු ගමන් අතුරුදහන් වෙන හරක්,එලු,අශ්ව වගේ සතුන්ගේ හිස් සිරුරු ලේ බිඳුවකුදු නැතිව ආපසු පොලොව මතට දමා ගොස් තිබූ බවයි.
මේ පිටසක්වල ජීවීන් පෘථිවියට එන්නේ මොන හේතුවක් උඩද,මොන පරීක්ෂන පවත්වන්ටද කියලා මේකෙන්ම යන්තමට හිතා ගත්ත හැකි නේද?
කවදා හරි පිට සක්වලින් එන,සිංහලෙන් කීවොත්, පියාඹන පීරිසියක් දැකලා ඒ ගැන පර්යේෂණ කරපු,රොබට් ලසාර් නමැති විද්‍යඥයෙක්, තමන් දැකපු යානාව ගැන මෙන්න මෙහෙම කියලා තියනවා. ඇමරිකා එකසත් ජනපදයේ Area 51 නමින් හඳුන්වන,අධි රහස් පර්යේෂණ කරගෙන යන ස්තානයේ,S4 කියන තැන තමා මොහු වැඩ කරලා තියෙන්නේ. ඔහුට අනුව මේ ස්තානයේ ආරක්ෂාව හරිම තදයි.හුස්ම ගන්ටත් බැරි තරම්.කා එක්කවත් සාකච්ජා කිරීමේ නිදහසක්වත් තිබිලා නෑ.
ඔහුට අනුව මෙන්න පියාඹන පීරිසියක ලක්ෂණ...
"එය හරියට පීරිසි දෙකක් එකිනෙක මත මුනින් නවා තිබෙන ගතියක් පෙන්වනවා.උඩින් මොල්ලියක් වැනි දෙයක් නෙරලා තියනවා. ලෝහමය පෙනීමක් ඇති යානයේ පියාපත්,වරල් කිසිවක් නෑ.ඒකට ඇතුල් උනාම ආසන තුනක් පේනවා.මධ්‍යම ප්‍රති ක්‍රියාකාරකය හා ඉන් නික්මිලා සීලිම දක්වා විහිදෙන තරංග නියාමකය,ඒ වගේම ඒ වටාවූ, ගුරුත්ව වර්ධක තුන.(the central reactor and wave guide that goes up to the ceiling, the three gravity amplifiers surrounding it). මීට අමතරව, වෙන කිසිවක් දකින්ට ලැබෙන්නේ නැහැ.විදුලි යතුරු හෝ ඒවායින් විහිදෙන වයර් දකින්ටත් නෑ.අප දන්නා විදියේ පාලක පුවරුවකුත් නෑ. යානය ඇතුලේ ඇති ආසන හා අන් සියලු දේම හරියට ඉටියෙන් කැපුවාක් වැනිව සුමට ලෝහයෙන් නිමවූවක්. කොතනකවත් තියුණු දාර හෝ මුලු දකින්ට නැහැ.මේ හැමදේම එකම ආකාරයට පිව්ටර් (pewter) ලෝහයේ අඳුරු අලු පැහැයට හුරුයි.මේ යානයට ඇතුලුවීම වැඩිහිටියකුට අසීරු දෙයක්. යානාව ඇතුලත ආසන පවා හරියට පෙනුනේ පොඩි ලමුන් වෙනුවන් හදපු ඒවා වගේ."
ඔහුට කිරීමට සිදුව තිබුනේ මෙහි ප්රචාලන පද්ධතිය (propulsion systems) අධ්‍යයනය කරලා, ඒක හදන්ට යොදාගත්ත අමුද්‍රව්‍ය හා මුලධර්ම ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ කාර්ය දුෂ්කර උනේ ඒ සඳහා උපයෝගී කරගත් තාක්ෂණය පෘථිවිය මත නොපවතින, තවත් සෑහෙන කාලයකට අපිට ලඟාවෙන්ටවත් බැරි අන්දමේ තාක්ෂණයක්. එමෙන්ම උපයෝගී කරගත් මුලද්‍රව්‍ය,අපට තවමත් හොයාගත නොහැකිවූ, සුපිරි-බැර මුලද්‍රව්‍යයක් වීම.
* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්