underwater
පිටසක්වල ජීවය කියන්නේ දශක ගණනාවක් තිස්සේ මිනිසා කුතුහලයට පත් කරමින් නොවිසඳුණු අභිරහසක්.කෙසේ නමුත් දිනෙන් දින දියුණු වන තාක්ෂනය සමග මේ අභිරහස විසඳීමට ඉමහත් උත්සාහයක් දරනු ලබනවා.විවිධ ව්‍යාපෘති මගින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සැලකිය යුතු කොටසක් ගවේෂණය කර අවසන්.


නමුත් ඔබ දන්නවාද පෘතුවියේ සාගර වලින් 95%ක් පමණ ප්‍රමාණයක් කිසි විටෙක ගවේෂණය කර නොමැති බව.ඇතැම් විට අපි පිටසක්වල ජීවින් ගැන අභිරහසට පිළිතුරු ඉහල අහසෙන් බලාපොරොත්තු වුනත් එය අප අතරම  සාගර පතුලේ සැඟව තිබෙනවා විය හැකියි.ඉතින් මම අද කල්පනා කළා දිය යට සැඟවුණු පිටසක්වල ජීවින් සම්බන්ධ සාක්ෂි 5ක් විස්තර කරන්න.

01. බෝල්ටික් මුහුදු පතුලේ පාෂාණ තැටිය.
 
ස්වීඩන පර්යේෂකයන් පිරිසක් විසින් බෝල්ටික් මුහුදු පතුලෙන් සොයා ගත් මේ අත්භූත පාෂණ තැටිය ගැන මම කලින් ලිපියකදී විස්තරාත්මකව කතා කළා.ප්‍රමාණයෙන් විශාල මේ පාශාන තැටියට තියෙන්නෙත් අස්වාභාවික හැඩයක්.මේ සම්බන්ධයෙන් විවිධාකාර මත පල වුණා.කොටසක් කිව්වේ දෙවෙනි ලෝක යුධ සමයේදී හිට්ලර් භාවිතා කල රහසිගත ආයුධයක් කියලා.නමුත් වඩාත් ප්‍රකට වුනු මතය වුනේ මේක පිටසක්වල යානයක් හෝ යානයක කොටසක් කියලයි.

02. පුරාණ දිය යට නගරය.
ඉන්දියා ගල්ෆ් කලාපයේ මුහුද පතුල සිතියම් ගත කරමින් සිටි සිතියම්කරුවන් පිරිසක් සොයා ග මවීතකරවන සුළු මේ සිදුවීම විද්‍යාත්මක ලෝකය කලම්බවන්න සමත් වුනා.සැතපුමක් පමණ දිග මුහුද යට නගරයක් ඔවුන්ට හමුවී තිබුනා.ඇතැම් කාල ගණනයන්ට අනුව මේ නගරය වසර 9500ක් පමණ පැරණියි.ඒ මහපොළොව මත මුල්ම නගරයන් බිහි වන්නටත් කලින් කාලය.එවන් ඈත කාලවකවානුවක මෙවන් නගරයක් කෙසේ බිහි වුනාද?

03. ජපානයේ යෝනගුනි (Yonaguni) පාෂාණ.
ජපානයේ දකුණු වෙරල තීරයට ආසන්න මුහුදු පතුලේ තමයි මේ අස්වාභාවික පිහිටීම තියෙන්නේ.මුලින් සැලකුනේ මේ පාෂාණ ස්වාභාවික පිහිටීමක් කියලයි.නමුත් කාලය සමග මේ පාෂාණ වල පිහිටීම් වැඩි වැඩියෙන් නිරාවරණය වුනා.පුරාන මායා ශිෂ්ටාචාරය නිර්මිත පිරමීඩයන්ගේම අක්‍රමවත් සංස්කරණයක් විදියට මේවා සලකන්න පුළුවන්.මේකට යොදාගෙන ඇති පාෂණ වසර කොට දෙකක් පමණ පැරණි බවයි කාල ගණනයන්ගෙන් හෙළි වුනේ.

04. බිමිනි  (Bimini) මාර්ගය
bimini-road
1968 වසරේදී තමයි මේ ගැන මුලින්ම ලෝකයට හෙළි වුනේ.
බහමාස් වල උතුරු බිමිනි දූපතට ආසන්න මුහුදු පතුලේ තිබෙන මේ නිර්මාණය බිමිනි බිත්තිය විදියටත් හඳුන්වනවා.
නිර්මාණය කලේ කවුරුන් විසින්ද කියන එක වගේම නිර්මාණය කලේ මිකටද කියන එකත් මේ වෙනකම් අභිරහසක්.

05. මිචිගන්හි දිය යට ස්ටෝන්හේජ් (Stonehenge)
මිචිගන් විල කියන්නේ ඇමෙරිකාවේ පිහිටි විශාලතම විලක්.මේ විලේ ගිලී ගිය පැරණි බෝට්ටු ගැන පරීක්ෂා කිරීමට විල් පතුල සෝනාර් ආධාරයෙන් පරීක්ෂා කරමින් සිටි මහාචාර්යවරු පිරිසක් විශ්මයජනක යමක් සොයා ගත්තා.එංගලන්තයේ පිහිටි ස්ටෝන්හේජ් නම් විශාල පාෂාණමය නිර්මාණයට සමාන යමක් විල් පතුලේ පිහිටා තිබුනා.ඇතැම් පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට මේ එක පාශානයක මැස්ටඩොන් හස්තියෙකු (පුරාන හිම යුගයේ පෘතුවිය මත විසු අලි විශේෂයකි.මේ වන විට වඳවී ගොස් ඇත)
පවා සලකුණු කර ඇත.


* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.