මතකද අපි කලින් ලිපියක කතා කළා මිනිසාගේ පළමු පිටසක්වල හමුව පිටසක්වල රොබෝවන් සමග විය හැකියි කියලා?මෙතැනදී අපි දෙවිදියක රොබෝවන් ගැන කතා කළා.එනම් පිටසක්වල ජීවින් විසින් නිෂ්පාදිත රොබෝවන් හෝ පිටසක්වල ජීවින් විසින් ඔවුන්ගේ ශරීරය වෙනුවට ආදේශ කර ගත රොබෝ ශරීර වලින් හෙබි රොබෝවන්.
ප්රමුඛ පෙලේ අනාගත වේදියෙක් වෙන රේ කර්ස්වෙල් (Ray Kurzweil) පෙන්වා දෙන විදියට තවත් අවුරුදු 20ක් ඇතුලත මිනිසා ගල් යුගය තරම් පැරණි මිනිස් සිරුර නැවත කෘතිමව සකසාවි.එවිට පුළුවන් වයස් ගත වීම නවත්තන්න.එහෙමත් නැත්නම් ආපස්සට හරවන්න වුනත් පුළුවන්.මේ සඳහා නැනෝ තාක්ෂනය ඉතාමත් වැදගත් මෙහෙවරක් ඉටු කරාවි.මේ ජීව විද්‍යාත්මක-තාක්ෂණික විප්ලවය අවසානයේ අපිට පුළුවන් වේවි මීටර සියය තරගයක් විනාඩි කිහිපයකින් නිම කරන්න.එහෙමත් නැත්නම් ඔක්සිජන් භාවිතයක් නැතිව පැය ගණන් දිය යට කිමිදෙන්න වගේ සිතා ගන්නවත් බැරි අභියෝග ජය ගන්න.
මිනිසා තවමත් සිහින මවන මෙවන් ඉලක්කයන් වෙත පිටසක්වලයන් මේ වන විටත් ලඟා වෙලා අවසන් ඇතිද? විශ්වයේ වයස අනුව සලකා බැලුවාම නම් යම් ශිෂ්ටාචාරයකට මේ තරමට දියුණු වෙන්න සෑහෙන තරම් කාල වෙලාව පවතිනවා.පෘතුවියේ ජීවය ඇති වීමට අවුරුදු දහස් ගණනකට පෙර ජීවය හටගත් වෙනත් ලෝකයක මෙවන් තත්වයක් පවතින්න ඕනෑ තරම් ඉඩකඩ පවතිනවා.
ඇත්තෙන්ම යාන්ත්‍රික ශරීරයක් කියන්නේ අන්තර් තාරකාමය සංචාර වලදී ඉතාමත් වාසි දායක තීරණයක්.මොකද කියනවා නම් ප්‍රධාන වශයේම ඔවුන්ට කාලය පිළිබඳව ප්‍රශ්නයක් නැති නිසා.ශරීර කොටස් ඕනෑම මොහොතක අලුත් වැඩියා කර ගැනීමට හෝ යාවත්කාලින කර ගැනීම ඔවුන්ට සුළු දෙයක්.ඒ වගේම ඔවුන්ගේ අභ්‍යවකාශ යානා වල ආහාරපාන හෝ වාතය ආදිය ගබඩා කර ගැනීම පිළිබඳව ඔවුන් කිසිසේත්ම වද විය යුතු නැහැ.මොකද කියනවා නම් ඔවුනට ඒවායේ අවශ්‍යතාවයක් නැති නිසා.ඔවුන් සැලකිලිමත් විය යුතු ප්‍රධානම කාරණයක් වෙන්නේ බලශක්තිය පමණයි.
නමුත් මෙවන් යාන්ත්‍රික තත්වයකට ශරීරයන් හුවමාරු කර ගැනීමෙන් ඉතා සුළු කාලයක් තුල එම ලෝකයන් මත වෙනත් ජීව විශේෂයන්ට ජීවත් වීම අපහසු වේවි.මෙයට ප්‍රධාන හේතුවක් වෙන්නේ බල ශක්තිය සඳහා අධික ලෙස ස්වාභාවික සම්පත් භාවිතයට ගැනීමත් එයින් සිදු වන පරිසර දූෂණයත් නිසා.
* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්