උපන්දිනය අමතක වීම නිසා මුහුණ පෑ අපහසුතා ඔබටත් ඇති. ඉතින් එවැනි අවස්ථාවකට යළි මුහුණ නොදී ඔබගේ සියළුම මිතුරන්ට උපන්දිනය දවසේ ස්වයංක්‍රීයවම සුභ පැතුම් යැවීමට හැකි ක්‍රමයක් ගැනයි මේ ලිපිය.
පෙර සඳහන් කළ ලෙසම මෙමගින් ඔබගේ සියලුම ෆේබුක් මිතුරන්ගේ උපන්දින සඳහා සුභ පැතුම් පණිවිඩ පෙර සූදානම් කොට තැබිය හැකියි. ඒවා උපන්දිනය දවසේ ස්වයංක්‍රීයවම ඔබගේ මිතුරා ගේ වෝල් එක වෙත යොමු කෙරෙනවා. සියලු දෙනාගේම උපන්දින සඳහා සුභ පැතුම් පණිවිඩ යැවීම සඳහා ඔබ වෙහෙසිය යුත්තේ එක් වරක් පමණයි. මෙම සේවාව සපයන්නේ BirthdayFB නම් වෙබ් අඩවියක්. පහත සබැඳියෙන් මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය හැකියි. ලොග් වීම සඳහා ඔබගේ ෆේස්බුක් ගිණුම භාවිතා කරන්න.
මුලින්ම පහත රූපයේ ඊ හිසෙන් පෙන්වා ඇති බට්න් එක ඔබා ඔබගේ ෆේස්බුක් ගිණුම ආධාරයෙන් BirthdayFB වෙත ඇතුළු වන්න.
ඔබ ලොග් වූ පසු ඔබගේ මිතුරන්ගේ උපන්දින යෙදී ඇති ආකාරය දර්ශනය වෙනවා.
වෙබ් අඩවියේ Write Message ටබ් එකට ගිය පසු ඔබ කැමති මිතුරන්ට සුබ පැතුම් ලිවීම ආරම්භ කළ හැකියි. ඔබට ලිවීමට කම්මැලි නම් canned messages ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් ඔවුන් සපයා දී ඇති උපන්දින සුභ පැතුමක් තෝරා ගත හැකියි.
කෙසේ හෝ සුබ පැතුම ලියා අවසන් කළ පසු Save බට්න් එක ඔබන්න. මෙහිදී ඔබ උපන්දින සුභ පැතුම් සූදානම් කරන අය වෙත පමණක් අදාල දිනයේදී සුබ පැතුම් පණිවිඩය යැවෙනවා. ඔබට අදාළ මැසේජ් එක සේව් කර ගැනීමට අවශ්‍ය නම් save as a canned message චෙක් බොක්ස් එක චෙක් කර Save කරන.
Canned Messages ටැබ් එකෙන් ඔබ මෙතෙක් සේව් කර ඇතු පණිවිඩ බලාගත හැකියි. ඒවා යලිත් වරක් ඉහත පියවරයන් තුළ ඩ්‍රොප්ඩවුන් මෙනු එක මගින් ප්‍රයෝජනයට ගැනීමට පුළුවන්.
Scheduled Messages ටැබ් එක ආධාරයෙන් ඔබ මෙතෙක් යැවීමට සූදානම් කර ඇති උපන්දින සුබ පැතුම් පණිවිඩ බලාගත හැකියි. එපමණක් නොව ඒවා ඉවත් කිරීමට හා නැවත සැකසීමටද පුළුවන්.
Post a Comment
Post a Comment