ජංගම දුරකථන වලට බාගත කරනු ලබන වැඩසටහන් හරහාද ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය සහ බි්රතාන්ය රජයේ සන්නිවේදන මූලස්ථානය සිය චරපුරුෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නවතම වාර්තාවක දැක්වේ.
ගාඩියන්, නිව්යෝක් ටයිම්ස් සහ ප්‍රො පබ්ලිකා පුවත්පත් ඒකාබද්ධව නිකුත් කළ වාර්තාවෙන් දැක්වෙන්නේ ඇන්ග්රි බර්ඞ්ස් වැනි සුපතළ ජංගම දුරකථන ක්‍රීඩා භාවිතා කරන්නන් බුද්ධි අංශ විසින් නිරීක්ෂණය කරන බවයි.
යමෙකු පළමු වරට එවැනි වැඩසටහනක් බාගත කරන විට ඔහුගේ දත්ත තෙවන පාර්ශ්වයක් සඳහා විවෘත වන අතර ඒ අවස්ථාවේදී බුද්ධි අංශ විසින් ඒ පුද්ගලයා පිළිබඳ තොරතුරු ලබාගනී.
ඔහු භාවිතා කරන ඇන්ඩ්‍රොයිඞ් හෝ ස්මාට්ෆෝන් දුරකථනයේ වර්ගය පමණක් නොව ඔහුගේ වයස, අධ්‍යාපන මට්ටම, විවාහකද අවිවාහකද යන්න, දරුවන් ගණන, දේශපාලන මතය, ලිංගික රුචිකත්වය වැනි දෑ පවා චරපුරුෂයන් විසින් ග්‍රහණය කරන බව බි්රතාන්ය රජයේ සන්නිවේදන මූලස්ථානයේ ඉදිරිපත් කිරීමක් හරහා අනාවරණය වී තිබේ.
ජංගම දුරකථන හරහා ගූගල් සිතියම් භාවිතා කරන විටදීද පහසුවෙන් ඔහු සිටින ස්ථානය ආදිය පිළිබඳව තොරතුරු නිරාවරණය කෙරෙන බව පැවසේ.
2008දී බි්රතාන්ය බුද්ධි අංශ වාර්තාවක දක්වා ඇත්තේ ස්මාට්ෆෝනයකින් ගූගල් සිතියම් භාවිතා කරන ඕනෑම කෙනෙකු තමන්ට සහයෝගය ලබා දෙන්නෙකු බවයි.
මෙලෙස ග්‍රහණයට පත් දුරකථනයකින් කෙරෙන සංවාද වලට සවන්දීම, එය ඇති ස්ථානය නිරීක්ෂණය කිරීම මෙන්ම නිවා ඇති දුරකථනයක් සක්‍රිය කිරීම ආදිය පවා සිදුකිරීමට බුද්ධි අංශ සමත් බව වාර්තා වේ.
Post a Comment
Post a Comment