මේ සිද්දිය ඇවිල්ල මගෙ යාළුවෙක් මට කිව්ව එකක්, උන් O/L කරන කාලේ උන්ගෙ පන්තියෙ හිටියලු කෙල්ලෙක් 11වසරට එනකන්ම ජම්බුගහෙන් වැටිල නැති.ඔන්න ඉතින් 11වසරටත් ඇවිත් යන්තන් මාස 3ක් විතර ඒ කියන්නෙ මාර්තු මාසෙදිලු ඒ කෙල්ල ජම්බු ගහෙන් වැටිල තියෙන්නෙ.කෙල්ලත් හරිම දගකාර කටකාර කාටත් විහිළු කරන් ඉන්න හිත හොද කෙල්ලලු, මගෙ යාළුවගෙ සැට් එකෙත් හොද ෆිට් එකක් නිසා උන් සැට් එකත් කතාඋනාලු කොටහලු මගුල පැත්තෙ ගිහින් එන්න කියල.යන්න කියල ප්ලෑන් කලාට දැන් මුන් සැට් එකට එදාට ගිහින් ලියුම් කවර වලට දාල දෙන්න සල්ලි නෑලු, සල්ලි තිබ්බත් කාල ඉවර වෙලා යාළුවගෙ අතට ලියුම් කවරයක් දික් කරන්න උන්ටත් මොකක්ද වගේලු.ඉතින් උන් සැට් එක සාකච්ඡා කරල සාමූහික ඒකමතික තීරණයකට එළබුනාලු එදාට තෑග්ගක් අරන් යන්න කියල.

       දැන් ඉතින් ඊලග ප්‍රශ්නෙ තමා තෑග්ගට මොනාද දෙන්නෙ කියන එක, එක එකා එක එක අදහස් ඉදිරිපත් කරනවලු, ඔන්න ඉතින් ඔහොම කතා වෙලා කට්ටිය අන්තිමට තීරණයකට ඇවිත් තියනවා ජම්බු ගහෙන් වැටිච්ච කෙල්ලෙක්ට වැඩියෙන්ම වැදගත් වෙන දේ තෑග්ගක් විදිහට දෙන්න.දැන් ඊලග ප්‍රශ්නෙ තමා තෑග්ග ගන්න කාවද යවන්නෙ කියන එක, මොකද රෙද්දක් ඇදන් ගිහින් කොල්ලෙක්ට
කඩේකින් ඉල්ලන්න බැරි දෙයක්නෙ මුන් තෑග්ගට දෙන්න ප්ලෑන් කරල තියෙන්නෙ.

     කොහොමින් කොහොමහරි සෙට් එකේ එකෙක්ගෙ අක්ක කෙනෙක්ට කියල තෑග්ගට අවශ්‍ය දෑ ගෙන්නගෙන.ඒක ගන්නත් ඒ අක්කට කඩවල් 4කට යන්න උනාලු මොකද එක කඩේකින් 4ක් එකපාර ගනිද්දි මුදලාලිය උනත් අමුතු ඇහැකින් බලනවනෙ.ඉතින් අක්කට කියල තෑග්ගට අවශ්‍ය දේ ගෙන්න ගෙන මුන් ටික තැග්ග පැක් කරන්න ලෑස්තිවෙනවලු, කාඩ්බෝඩ් පෙට්ටියක් අරන් අර පැකට් ටික දාල රුපින් පේපර් වලින් රැප් කරන්න බලද්දි තෑග්ගෙ බර මදි මදි වගේ කියල මුන්ට හිතුනලු.ඉතින් මුන් කරල තියෙන්නෙ අගලක් විතර ඝනකම තියන අඩියෙ අඩියෙ ලෑලි කෑල්ලක් පෙට්ටිය ඇතුලට දාල ලස්සනට පෙට්ටිය රැප් කරල.

      ඔන්න ඉතින් යාළුවගෙ කොටහලු මගුල කන දවසත් උදාඋනාලු, ඉතින් මගෙ යාළුවයි කොල්ලො සැට් එකයි ජැන්ඩි 5ට ඇදල කරල එහෙම ගිහින් බඩ කට පිරෙන්න කාල තෑග්ගත් දීල ආවලු.කෙල්ලටත් ඉතින් හෙන හැපිලු යාළුවො තෑග්ගක් දීපු නිසා.එදා වැඩ කටයුතු ටික ඉවරවෙලා හම්බුන තෑගි අම්මලත් එක්ක කඩල බලද්දිලු යාළුවො දීපු තෑග්ග ඇතුලෙ තියන ඒව දැකල තියෙන්නෙ.කෙල්ලත් විහිලු දන්න කෙල්ලෙක් නිසා අම්මලත් හොද නිසා හැමෝම හිනා වෙලා ඒක විහිලුවක් විදිහට බාරගත්තලු හිත් අමනාපයක් ඇතිකරගන්නෙ නැතුව.

Post a Comment

Amazin
Powered by Blogger.