යම් යම් දේවල් වටහාගැනීමේ, කිරීමේ හැකියාව හැමෝගෙම සමාන නැති බව අපි එදා ඉඳන්ම දැකපු දෙයක්. මේ හැකියාව වැඩි අය බුද්ධිමත් ලෙසත් අඩු අය මෝඩයෝ ලෙසත් හැඳින්වූවා. මේ ලෝකයට පහළවූ බුද්ධිමත්ම පුද්ගලයා ලෙස මම දකින්නේ අපේ බුදුරජාණන් වහන්සේ. මොකද උන්වහන්සේ දේශනා කරපු ධර්මය එදාට/අදට මෙන්ම හෙටටත් වලංගු නිසා. ඉතින් අපි බලමු බුද්ධිය ගැන


බුද්ධිය London Handiya





සමහරු තර්ක කරනවා බුද්ධිය කියන්නෙ උපතෙන් අරන් එන දෙයක්, එය වෙනස් කරන්න බැහැ කියලා. සමහරු කියනවා බුද්ධියට උපතෙන් ලැබෙන දෙයෙහි කිසිම සම්බන්ධයක් නැහැ, එය ඉගෙනගන්න දේවල් මතයි තීරණය වෙන්නෙ කියලා. ඔබත් මෙයින් එක් මතයක් දරණවා ඇති. සත්‍යය වෙන්නෙ මේ දෙකම ඇත්ත මෙන්ම බොරු කියන එක. ඒ කියන්නෙ එකක්වත් 100%ක් ඇත්ත නෙවෙයි.


බුද්ධිය කියන්නෙ අපි ඉගෙනගන්නා දේවල් අවශ්‍ය තැනේදී නිසිලෙස හසුරුවා භාවිතා කිරීමේ හැකියාවයි. ඉගෙනගන්නා දේවල් කිව්වම පොතපතෙන්/පාසැලෙන් විතරක් නෙවෙයි. හොඳම උපාධිය අත්දැකීම් උපාධිය කියනවනෙ.
ඒ අර්ථදැක්වීම ලැබුණුගමන් ඔබට අදහසක් ලැබිය යුතුමයි ඔබේ බුද්ධිමට්ටම ගැන. නමුත් ඔබට මෙය මැනගැනීමට අවශ්‍ය නම් කළයුත්තේ ලෝක සම්මත බුද්ධි පරීක්ෂණයක් කිරීමයි. Mensa IQ Test කියන්නෙ එක්සත් රාජධානියේ සම්මත වූ බුද්ධි මිනුම් ක්‍රමයක්. මෙය ඔබට අන්තර්ජාලයෙන්ම කිරීමෙන් දළ අදහසක් ලබාගත හැකියි. (එම අඩවියට මෙතැනින් යන්න.)
අපිට මේ බුද්ධිය වැඩිකරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අධ්‍යාපනයෙන්. අනික තමයි සිරුර හා මනස නිරෝගීව තබාගැනීමෙන්. අපි ජීවිතය පුරාම ඉගෙන ගැනීම කරන නිසා අමුතුවෙන් ඒ ගැන කතාකරන්න දෙයක් නෑ. අද කතාකරන්නෙ සිරුර හා මනස නිසිලෙස තබාගැනීමෙන් බුද්ධිය වැඩිකරගැනීමට කළහැකි දේවල් ගැන.
1. රූපවාහිනී නැරඹීම අවම කිරීම – පේශි හැදෙන්නේ ව්‍යායාම කිරීමේදී මෙනම් මොළයේ හැකියාව වර්ධනය වන්නේ එය වෙහෙසවීමෙන් පමණයි. රූපවාහිනිය නරඹන විට අපි නිතරම වගේ නරඹන්නෙ මොළයට කිසිම වෙහෙසක් දෙන්නෙ නැති දේවල්. මොළය වෙහෙසවන වැඩසටහන් ලංකාවේ නැති තරම්. නාට්‍ය ඕනෑවට වටා නැරඹිමෙන් මොළයට සිදුවන්නෙ අනුන්ගේ ප්‍රශ්නවලටත් ප්‍රශ්න සෙවීමට. එයින් මොළය ලැබෙන උත්තේජනය හොඳ එකක් නෙවෙයි. එයින් වෙහෙසට නෙවෙයි විඩාපත් වීමක් සිදුවන්නෙ. එමෙන්ම රූපවාහිනිය නරඹන විට අපේ සිරුරට නිකුත් කරන හෝමෝන හිතකර ඒවා නෙවෙයි.
2. ව්‍යායම කිරීම – මෙයට කාලය නොයොදවා වෙනත් කටයුත්තක නිරතවීම වඩා නිවැරදි යැයි සිතුනත් ව්‍යායාම/ක්‍රීඩා කිරීමෙන් පසු ඇඟට නිකුත්වෙන හෝමෝන මගින් මනසේ ක්‍රියාකාරීත්වය වැඩිකරනවා
3. අලුත් අදහස් ඇති පොත් කියවීම – අද ලංකාවේ පුස්තකාලයක පොත් බැලුවත් වැඩිපුරම තියෙන්නෙ සුජීව ප්‍රසන්න ආරච්චි මහත්මයගෙ පොත්. ඇත්තම කියනවනම් මට මේවා පේන්න බෑ. ඒ පොත්වල තියෙන සුන්දර ලෝකය මැවුණම හිතන්න මනස යොමුවෙන්නෙ නෑ. ඔහේ කියවගෙන යනවා විතරයි. ඒ වගේ නෙවෙයි ආතර් කොනන් ඩොයිල් මහත්මයා විසින් රචිත ෂර්ලොක් හෝම්ස් වැනි පොතක් ‘සිතමින්’ කියවන විට මොළයට ලැබෙන ව්‍යායාමය අනර්ඝයි. සුජීව ප්‍රසන්න ආරච්චි මහත්මයාගේ පොත් කියවන්න එපා කියනවා නෙවෙයි, නිතරම කියවන්න එපා.
4. අවමය පැය 7ක වත් නින්දක් ලබාගන්න – නින්ද කොච්චර වැදගත්ද කියලා සමහරු දන්නෙ නැති නිසා මෙය නොසළකා හරිනවා. ඔබ දන්නවද පුද්ගලයෙක්ට නිදානොගෙන ජීවත්වෙන්න පුළුවන් දින 11ක් පමණයි කියලා. නින්ද අඩුවීමෙන් බර වැඩිවීම/ හෘද්‍යාබාධ වැළඳීමේ හැකියාව/ වයසක පෙනුමක් ලැබීම/ මතකය අඩුවීම වැනි ගොඩාක් දේවල් වෙන්න පුළුවන්.
5. භාවනාව – සිත එක්තැන් කරගෙන භාවනා කරන්න පුළුවන් නම් අවධානය/ මතකය පුදුම තරම් වැඩිවේවි.

Post a Comment

Amazin
Powered by Blogger.