ඔන්න මම අද අරගෙන අවේ කමක් හදන හැටි කට්ටිය කැමති නේද ?
අවශ්‍ය දේවල් නම් ඉතාම සීමිතයි. හොඳින් ඉදුණු තක්කාලි, සීනි සහ වැනිලා චුට්ටක් විතරයි ඕනෙ වෙන්නෙ.
මුලින්ම හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි ටිකක් අරගෙන (අපි නම් කිලෝ එක හමාරක් විතර ගත්තා) හොඳට සෝදගන්න. දැන් පැහෙන උණු වතුර තක්කාලි මතට වත් කරලා විනාඩි පහලවක් විතර තියන්න. ඊට පස්සෙ තක්කාලි ගෙඩි වල පොත්ත අයින් කරගන්න. යන්තමට තැම්බිලා නිසා පොතු අයින් කරගන්න ලේසියි.
ඊට පස්සෙ තක්කාලි ටික බ්ලෙන්ඩර් කරගන්න. ඕනෙ නම් ඊට පස්සෙ තක්කාලි ඇට ටික අයින් කරගන්නත් පුලුවන්. ඒත් අපි නම් එහෙම්මම තියෙන්න ඇරියා. කන වෙලාවට තක්කාලි ඇට තිබ්බා කියලා වෙනසක් දැනෙන්නෙ නෑ.
ඊට පස්සෙ බ්ලෙන්ඩර් කර ගත්තු තක්කාලි පේස්ට් එක භාජනේකට දාලා සීනි ග්‍රෑම් 500ක් විතර දාලා ලිපේ තියලා රත් කරන්න. මතක තියාගන්න මේ එක වෙලාවකදිවත් වතුර පොඩ්ඩක්වත් දාන්න එපා. එහෙම උනොත් කල් තියාගන්න බැරි වෙයි.
ලිපේ තියෙන මිශ්‍රණය නිතරම හැඳි ගාමින් ඉන්න. විනාඩි දහයකින් පහළොවකින් උකු ගතියට එනකොට වැනිලා බිංදු කීපයක් දාලා ලිපෙන් බාගන්න. දැන් නිවුණට පස්සෙ බෝතල් වල අසුරගන්න.
රස ගැන කියනවා නම් තක්කාලි රසක් නම් එන්නෙ නෑ අමුතුවෙන්. මට නම් සාමාන්‍ය ජෑම් රසම තමා එන්නෙ. තක්කාලි කිලෝ එක හමාරකින් මධ්‍යම ප්‍රමාණයේ ජෑම් බෝතල් තුනක් පුරවගන්න පුලුවන් ප්‍රමාණෙට ජෑම් හදාගන්න පුලුවන්.
එහනම් post එක ගැන comment එහෙකුත් දාලම යන්න
මේ වගේ වටින දේවල් හැමදාම අප්ඩේට් වෙන අලුත් ලංකා .com සමග එකතු වෙන්න වම්පස join This site මත click කිරීමෙන්.