ඔබගේ පරිගණකය යොදාගෙන අන්තර්ජාලයේ සැරිසැරීමේදී ඇතැම්විට අන්තර්ජාල සම්බන්ධතාවය එක්වරම මන්දගාමී වීම හෝ ඉබේම වෙනත් වෙබ් අඩවි විවෘත වීම සිදුවිය හැකිය. ඇතැම්විට ඔබටත් මෙවන් අත්දැකීම් ඇති. මෙයට හේතුව වන්නේ අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති ඔබගේ පරිගණකය ඔබගේ
අනුදැනුමකින් තොරව වෙනත් වෙබ් අඩවි සමග සම්බන්ධ වීමයි. ඇතැම්විට පරිගණකයේ තිබෙන ඔබගේ වටිනා දත්ත පවා වෙනත් අයෙක් අතට පත්වීම මෙවන් තත්වයන් නිසා සිදුවෙයි. මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලයේ සිටිනවිට ඔබගේ පරිගණකය හොර රහසේ සම්බන්ධ වන වෙනත් වෙබ් අඩවි මොනවාදැයි දැනගන්නා ආකාරයයි. මෙම ක්‍රමය වින්ඩෝස් XP (service pack 2) ,7,8,Vista ආදී කිනම් මෙහෙයුම් පද්ධතියක වුවත් ක්‍රියාත්මක වෙයි.
1.       Start > Run යන විධාන ලබාදී Run සංවාද කොටුව විවෘත කරගන්න
2.       එය තුළ CMD යනුවෙන් ටයිප් කර කමාන්ඩ් ප්‍රොම්ප්ට් වින්ඩෝව විවෘත කරගන්න. මෙය කළ යුත්තේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් විධානය මත රයිට් ක්ලික් කර Command Prompt (Admin) යන්න තෝරාගැනීමෙනි.නැතහොත් Run as Administrator යන්න ක්ලික් කිරීමෙනි


3.       ඔබගේ පරිගණකයේ තිබෙන්නේ Windows 7, Vista මෙහෙයුම් පද්ධතිය නම් ස්ටාට් මෙනුව ක්ලික් කර පහළින් ඇති සෙවුම් කවුළුව තුළ cmd.exe යනුවෙන් ටයිප් කර ඉහතින් සදහන් කළ ආකාරයට Run as administrator යන්න ක්ලික් කළ යුතුය
එවිට පහතින් දැක්වෙන සංවාද කොටුව ලැබුණේ නම් Yes  යන්න ක්ලික් කරන්න.එවිට කමාන්ඩ් ප්‍රොම්ප්ට් වින්ඩෝව විවෘත වේ.


4.       එය තුළ පහතින් දැක්වෙන විධානය නිවැරදිව ටයිප් කර එන්ටර් කරන්න.
netstat -abf 5 > activity.txt
5.       විනාඩි දෙකක් පමණ මෙම වින්ඩෝව තිබෙන්නට හැරීමෙන් එම කාලය තුළ පරිගණකය සම්බන්ධ වූ වෙබ් අඩවි මොනවාදැයි ඔබට දැකගත හැකි අතර අවසානයේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් වින්ඩෝව තුළම activity.txt  යනුවෙන් ටයිප් කර එන්ටර් කිරීමෙන් පරිගණකයේ ඇති නෝට්පෑඩ් වැනි මෘදුකාංගයක එකී තොරතුරු සියල්ල පිටපත් කරගත හැකිය. එසේ නැතහොත් Ctrl + C විධානය ලබාදී  විස්තරය කොපි කරගෙන Ctrl + V ලබාදී එය නෝට්පෑඩ් වැනි වැඩසටහනකට පේස්ට් කරගත හැකිය.
  





6.       මෙම විස්තරය මගින් ඔබ නොදන්නා වෙබ් අඩවිවලට පරිගණකය රහසින් සම්බන්ධ වූ ආකාරය ඔබට බලාගත හැකි අතර හොද තත්වයේ ප්‍රතිවෛරස් මෘදුකාංගයක් පරිගණකයේ පිහිටුවා ගැනීමෙන් හා ෆයර්වෝල් වැඩසටහනක් පරිගණකයේ පිහිටුවා ගැනීමෙන් පරිගණකයේ ඇති දත්තවලට වැඩි ආරක්ෂාවක් ලබාගත හැකිය.



* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.