මේ කියන්න යන්නේ ලෝකෙම ප්‍රසිද්ධ අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවෙක් ගැනයි. මෙයා තමයි චමත් පලිහපිටිය. ඒත් මෙයා අපේ රටේ කොච්චර දුරට ප්‍රසිද්ධද කියලනම් මම දන්නෙ නෑ.


මෙයා ඉපදුනේ ලංකාවේ. ඊට පස්සෙ වයස අවුරුදු 6 දී චමත් ගෙ පවුලේ අය කැනඩාවේ පදිංචියට යනවා.මේ ගමනෙන් තමයි මෙයාගෙ ගමන පටන් ගන්නෙ.1999 දී එයා මුලින්ම වෝට(ර්)ලූ සරසවියෙන් විදුලි ඉංජිනේරු උපාදියක් ලබාගන්නවා. ඊට පස්සෙ BMO Nesbitt Burns කියන ආයතනයේ අවු:1 වැඩ කරලා 2000 දී කැලිෆෝනියාවට යනවා.

ලෝකෙම දන්න AOL ආයතනයේත් චමත් පණිවිඩ අංශයේ ප්‍රධානියා වෙලා තියෙනවා. ඒ 2004 දී .ඊට පස්සෙ 2005 දී AOL එකෙන් අයින් වෙන මෙයා Mayfield Fund එකෙත් වැඩ කරලා Face book එකට සම්බන්ධ වෙන චමත් Face book  හි ඉහලටම එනවා. ඒ Face book  හි බාවිත කරන්නන් වැඩිකිරීමේ සම්බන්ධයෙන්. පසු කාලයේදී Face book  ලොක්කා ඒ කියන්නේ මාක් ෂූක(ර්)බ(ර්)ග් ට නැතිවම බැරි කෙනක් බවටත් පත්වුනා. 
අපේ රටේ ප්‍රසිද්ධ නැති ඒත් ලෝකෙම ප්‍රසිද්ධ ලංකාවේ මොළයක් තමයි චමත් පලිහපිටිය කියන්නේ. අපේ අතරත් තවත් මේ වගේ අය ඕන තරම් ඇති. ඒත්.. ලෝකේ හොඳ තැනකට එන්න අපේ රටේ අධ්‍යාපනය ප්‍රමාණවත්ද? ඒක එහෙම නම් චමත් පලිහපිටිය, සරත් ගුණපාල වගේ අයගෙන් අපේ රටට වැඩක් ගන්න බැරිද?...


* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.