විශ්වයේ කෙරුම් කරුවකු සමග කළ ආන්දෝලනාත්මක සංවාදය
ප්‍ර : ඔබට යම් තුවාලයක් සිදුවෙලා හෙම තියෙනවද?

  • පි : නැහැ
ප්‍ර : ඔබට මොනවා හරි වයිද්‍ය පහසුකමක් අවශ්‍යද?
  • පි : නැහැ
ප්‍ර : ඔබට අපේ පරිසරයේ යම් වෙනසක් අවශ්‍යද ? වායු ගෝලයේ උෂ්ණත්වය වායු ගෝලයේ රසායනික සංයුතිය, වායු පීඩනය වගේ දේවල්වල.
  • පි : නැහැ මොකද මම ජයිව විද්‍යාත්මක සතෙක් නොවන නිසා.
ප්‍ර : ඔබ හෝ ඔබේ යානය, මේ ලොවට අහිතකර යම් දෙයක්, විෂබීජ වැනි යමක් ගෙනවිත් තියෙනවද?
  • පි : අබ්යවකාශයේ විෂබීජ කියල දෙයක් නැහැ.
ප්‍ර : ඔබේ රජය දන්නවද ඔබ මෙහේ හිරවෙලා කියල?
  • පි : නැහැ ... තවම දන්නේ නැහැ. 
ප්‍ර : ඔබව සොයාගෙන ඔබේ මිත්‍රයන් ඒවිද?
  • පි : ඔව්.
ප්‍ර : ඔබේ මිනිසුන් සතු ආයුද ගැන ඔබ කියන්නේ මොනවද?

  • පි : ඒවා අතිශය විනාශකාරීයි.  
ප්‍ර : ඇයි ඔබේ යානය කඩාගෙන වැටුණේ?
  • පි : අබ්යවකාශයේ දී යම් විදුලිසරකට හසුවුණා. අපේ යානය අපට පාලනය කරගන්න බැරි වුනා.
ප්‍ර : ඔබේ යානය මෙහි මොනවද කලේ?
  • පි : විකිරණය , පුපුරන ද්‍රව්‍ය වගේ දේවල් ගැන පරීක්ෂා කළා.
ප්‍ර : ඔබේ යානය ක්‍රියාත්මක වන්නේ කොහොමද?
  • පි : ඒක හසුරවන්නේ මනසින්. සිතුවිලි වලටයි ඒක ප්‍රතිචාර දක්වන්නේ.
ප්‍ර : ඔබගේ ලෝකයේ අදහස් හුවමාරු කරගන්නේ කොහොමද?
  • පි : මනසින් , සිතුවිලි හරහා.
ප්‍ර : ලිකිත බසක් යම් සන්ඥයා ක්‍රමයක් තියෙනවද ඔබට?
  • පි : ඔව්.
ප්‍ර : ඔබේ ග්‍රහ ලොව කුමක්ද?
  • පි: The Home / Birthplace world of Domain (සංවාදය කල මැක් එල්රෝයි මහත්මිය සතුව පුළුල් අබ්යවකාශ දැනුමක් නොවූ බැවින් මේ කාරණය පරිපූර්ණ ලෙස තේරුම් කරගෙන සටහන් කරගන්නට අසමත් වූවාය)
ප්‍ර : ඔබගේ රාජ්යෙන් අපේ නායකයන් වෙත දූතයන් එවාවිද?
  • පි : නැහැ.
ප්‍ර : ඔබ පෘතුවිය ගැන මොකද හිතන්නේ? 
  • පි : බොහොම සුරක්ෂිත ස්ථානයක්.
ප්‍ර: අපේ රජය, හමුදා ක්‍රියාමාර්ග  ගැන ඔබේ තක්සේරුව කොහොමද? 
  • පි : ඉතා දුර්වලයි ඉක්මනින් විනාශ කල හැකියි.
ප්‍ර: ඇයි ඔබේ අය අපට පේන්න එන්නේ නැත්තේ?
  • පි : අපි බලා ඉන්නවා අපට පේනවා එත් අපි සම්බන්ධ වෙන්නේ නැහැ.
ප්‍ර: ඔබට පුළුවන් ඔබේ ග්‍රහලොව ගැන අපට කියන්න? 
  • පි : ශිෂ්ටාචාරයක්, සංස්කෘතියක්, ඉතිහාසයක්, විශාල ග්‍රහලොවක් , ධනය, අසීමිත සම්පත්,ඥානය, ප්‍රඥායාව, තාරකා දෙකක්, චන්ද්‍රයින් තුනක්. 
ප්‍ර: කොපමණ කාලයක පටන් ඔබ පෘතුවිය ගැන දන්නවද?
  • පි : මානවයන් ජීවත් වන්නට පෙර සිට.
ප්‍ර: ඔබේ ලෝකය කොයි විදිහේ සංවර්දනයක්ද තියෙන්නේ? 
  • පි : ඉතා පැරණි අවුරුදු, අවුරුදු ට්‍රිලියනයන ගණනක් හැමදාම අනෙක් ග්‍රහලෝකවලට ඉහලින්, සැලසුම් ක්‍රමවේද  , ප්‍රගතිය , ජය, ඉහල ඉලක්ක අදහස්.
ප්‍ර : දෙවියන් විශ්වාස කරනවද?
  • පි : අපි හිතනවා. ඔව්. හැමදාමත්.
ප්‍ර : මොනවගේ සමාජයක් ද ඔබට තියෙන්නේ?
  • පි : අණදීම, බලය, ආනාගත අපේක්ෂා, පාලනය , සංවර්ධනය 
ප්‍ර : ඔබ හැරුණු කොට තවත් ඉහළ බුද්ධි මට්ටම්වල ජීවීන් ඉන්නවද, විශ්වයේ?
  • පි :හැමතැනකම, එත්  අපි තමයි ඉහලම.
මෙමෙ ලිපියේ අයිතිය  - Shuja Rafi  
Amazin
Powered by Blogger.