අන්තර්ජාලය භාවිතා කොට අවශ්‍ය කරන දේවල් මිලදී ගැනීම අද වන විට සුලබ වශයෙන් දකින්න ලැබෙන දෙයක්. බොහොමයක් මෙවැනි වෙබ් අඩවි  විශ්වාස තැබිය හැකි ඒවම තමයි. නමුත් අන්තර්ජාලයෙන් ඔබ ගනු දෙනු කිරීමේදී වන්චාකාරයිනට හසු නොවී විශ්වාස වන්ත තැනකින්ම ගනුදෙනු කල යුතු වෙනවා නේද?

Woman shopping online   Original Filename: 72883564.jpgGettyimages
Online shopping සඳහාම වෙන් වූ අතිශය ප‍්‍රසිද්ධ වෙබ් අඩවි.
බොහොමයක් වෙබ් අඩවි ඔවුන්ගේ සේවාව අතිශය විශ්වාස  වන්ත  ලෙස පාරිභෝගිකයාට ලබා දීම හේතුවෙන් ජනප‍්‍රියත්වයට පත් වී තිබෙනවා. උදාහරණයක් විදියට ebay කියන ලොව අංක එකේ වෙබ් අඩවිය හඳුන්වන්න පුළුවන්. එම වෙබ් අඩවියේ වන්චාකාරයින්ට කිසිම ඉඩක් නොමැති වෙන ආකාරයට ඔවුන් එහි වටපිටාව නිර්මාණය කර තිබෙනවා. එම හේතුව නිසා අන්තර්ජාලයෙන් ගනු දෙනු කරන අයගේ නොමද පැසසුමට ලක් වී තිබෙනවා.  ඒ වගේම තමයි ගොඩක් ප‍්‍රසිද්ධ ආයතන ඔවුන්ගේ බඩු අන්තර්ජාලයෙන් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින්ට අවස්තාව ලබා දෙනවා. එවැනි සේවාවන් ලබා දෙන ආයතන සතුව තිබෙනවා ඔවුන්ගේම  customer care service එකක්. පාරිභෝගිකයාට ඇති වෙන  ඕනෑම ගැටලූවක් සම්බන්ධව ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමට හැකියාව තිබෙනවා. මෙවැනිම තවත් වෙබ් අඩවි කීපයක් ලෙස amazon , wallmart යන වෙබ් අඩවි ද හදුන්වන්න පුළුවන්.

ආරක්ෂාව  
ඔබ අන්තර්ජාලයෙන් retailing වෙබ් අඩවි සමග ගනුදෙනු කිරීමේදී . ඔබට සොයා බැලීමට හැකියාව තිබෙනවා ඔවුන්ගේ වෙබ් අඩවියේ security එක පිළිබඳව. ඒ සඳහා ඔබට checkout කියන page එකට ගොස් ඒ පිළිබඳව සොයා බැලීමට පුළුවන්. එම පිටුවේ අන්තර්ගත වී තිබෙන්නේ මෙම වෙබ් අඩවිය ගනුදෙනු කිරීම සඳහා සුදුසු වෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඇතුලත් වෙන ලියකියවිලි වලිනුයි. එහිදී සොයා බලන්න SSL හෝ Verisign වගේ සහතික එම  වෙබ්  අඩවිය සතුව තිබෙනවාද කියා. ඊට අමතරව එවැනි වෙබ් අඩවි මගින් දැනුවත් කර සිටිනවා එම වෙබ්  අඩවිය ආරාක්ෂා කර තිබෙන්නේ කුමන Anti-virus program එකකින්ද, ඒවගේම එය අවසාන වරට update කර තිබෙන්නේ කවදාද වගේ දේවල් පිළිබඳව.
ඔබව දැඩි ලෙස මිලදී ගැනීම  සඳහා පොළඹවන්නා වූ දේවල් වලින් ප‍්‍රවේසම් වෙන්න.
Online shopping කිරීමේදී, සමහර වෙබ් අඩවි මගින් ලබා දෙනවා සිත් ඇදගන්නා සුළු දීමනා. එවැනි වෙබ් අඩවි scam ගණයට වැටෙන වංචනික ඒවා වෙන්න පුළුවන්. උදාහරණයක් මගින් පැහැදිලි කරනවානම් 300/ වටිනා යම් කිසි බඩුවක් 50/ කටවගේ විකිණීමට තිබෙනවානම් එය ඔබට අනතුරකට අත වන්න සේයාවක් වෙන්න පුළුවන්. එවැනි ගනුදෙනු මගහැරීමට සැලකිලිමත් වෙන්න.

Use Paypal
sdsdsds
Paypal කියන්නේ අන්තර්ජාලයෙන් ගනුදෙනු කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් වඩාත් ආරක්‍ෂිත ක‍්‍රමයක්. එමගින් ඔබට හැකියාව තිබෙනවා අන්තර්ජාලයෙන් සිදුවෙන වංචනික ගනුදෙනුවලින් වැළකී සිටීමට. ඔබේ බැංකු ගිණුමේ තිබෙන මුදල් පළමුව paypal ගිණුමට යවනු ලබනවා. මීළගට එම මුදල sellter ට යවනු ලබනවා. එබැවින් ඔබගේ පෞද්ගලික බැංකු තොරතුරු seller ට කිසිසේත් ලබා ගැනීමට නොහැකි වෙනවා. ඔබ එවැනි වංචනික ක‍්‍රියාවකට අසු වුනොත් නැවත ඔබට එම මුදල් ඔවුන් ලබා දෙනවා. ඔබට paypal වගේ ගිණුමක් හදාගෙන ebay වගේ අතිශය ප‍්‍රසිද්ද වෙබ් අඩවියකින් ආරක්ෂිතව online shopping කිරීමට පුළුවන්.

Check Return Policy
ඔබ ebay වගේ වෙබ් අඩවියකින් shopping කිරීමේදී, නැවත එම භාණ්ඩය return කිරීම සඳහා තිබෙන නීති පිළිබඳව අවදානය යොමු කිරීම වැදගත් වෙනවා. ඔබගේ මිලදී ගැනීම පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් කිසිඳු ගැටළුවක් නැතිව එය return කිරීමට හැකි විය යුතුයි නේද? සමහර stores වලින් ගනු ලබන භාණ්ඩ shipping කිරීම සඳහාත් අමතර මුදලක් ගෙවිය යුතු වෙනවා එම නිසා එවැනි දේවල් පිළිබඳව අවදානය යොමු කල යුතු වෙනවා.

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.