රුසියානු හැකර් කණ්ඩායමක් විසින් බිලියන 1.2 ක පරිශීලක නාම (Username) මුරපද (Password) හා නොයෙකුත් දත්ත වාර්තා සොරාගෙන ඇතැයි වාර්තා වේ. 

මෙලෙස අනවසරයෙන් ඇතුල් වී සොරකම් කරන ලද දත්ත ලේඛණවලට මිලියන 500 ක විද්‍යුත් තැපැල් ලිපිනවල පරිශීලක නාම හා මුරපද   (email adress) , වෙබ්අඩවි 42000ක පරිශීලක නාම හා මුරපද  හා ලොව ප්‍රසිද්ධ ඇඩෝබ් (Adobe) ආයතනයට අයත් මිලියන 10 ක දත්ත ලේඛණ ද ඇතුලත් බව ආරක්ෂක පර්යේෂකයන් පෙන්වා දෙයි.
හොල්ඩ් සයිබර් ආරක්ෂක ආයතනයේ ප්‍රධාන ආකර්ෂක තොරතුරු නිලධාරී ඇලක්ස් හෝල්ඩන් පවසන්නේ මෙම හැකර් කණ්ඩායම ඇමරිකානු ආයතන පමණක් ඉලක්කකරගෙන නැති බවත් ඕනෑම රටක ඕනෑම වෙබ්අඩවියක් හෝ වටිනාකමින් වැඩි ඕනෑම දත්ත ගබඩාවන් මොවන්ගේ සොරකමට අසුවිය හැකි බවයි. 
මූලාශ්‍රය : dallasnews
Amazin
Powered by Blogger.