Facebook භාවිත කරන්නන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ දත්ත සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීම පිළිබඳව Facebook සමාගමට දැඩි දෝෂාරෝපණ එල්ල වී තිබේ.Facebook සමාගම මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ, Facebook භාවිත කරන්නන් 689000කගේ දත්ත උපයෝගී කර ගනිමිනි.
මෙය Facebook භාවිත කරන්නන් පිළිබඳ මනෝවිද්‍යාත්මක සමීක්ෂණයක් වන අතර එමගින් ප්රවෘත්ති කෙරෙහි Facebook භාවිත කරන්නන් දක්වන ප්‍රතිචාර පිළිබඳව සමීක්ෂණය කර ඇත.
සංවේදී ප්රවෘත්ති සඳහා පුද්ගලයින් දක්වන ප්‍රතිචාර පිළිබඳව සොයා බලා තිබේ.
මෙය අනවසරයෙන් සහ නීතිවිරෝධී ලෙස Facebook භාවිත කරන්නන් මෙහෙයවීමක් බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජිම් ෂෙරිඩන් චෝදනා කරයි.
මේ අතර, Facebook භාවිත කරන්නන් රැසක් ද මෙය සිය අනුදැනුමකින් තොරව කළ නීතිවිරෝධී ක්‍රියාවක් බවට චෝදනා එල්ල කර තිබේ.
ඇතැම් පිරිසක් පවසන්නේ, මෙම ක්‍රියාව හරහා Facebook වෙබ් අඩවිය කෙරෙහි පැවති විශ්වාසය බිඳ වැටුණු බව ය.
කෙසේ වෙතත්, මෙම සමීක්ෂණය Facebook වෙබ් අඩවිය දියුණු කිරීම සඳහා කළ බව එම සමාගමේ බලධාරීහු පවසති.
අදාළ සමීක්ෂණයේ වාර්තාව සකස් කළ සම සංකාරක වූ ඇඩම් ක්‍රේමර් ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් Facebook භාවිත කරන්නන්ගෙන් සමාව අයැද සිටින බව ය.
මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ, අමෙරිකානු විශ්වවිද්‍යාල දෙකක් සමග ඒකාබද්ධව ය.
* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්