මෙහෙම එකක් දාපුවාම ඔයාල බලයි Facebook එක සින්හලෙනුත් තියන්වද කියලා. ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි Facebook එක මගින් තවමත් සම්පූර්නෙන්ම සින්හල භාෂාවෙන් තම සේවාව ලබාදෙන්නෙ නැ. කවදා දෙයිද දන්නෙත් නැ. එහෙම නොවෙයි නම් මේක මොකක්ද?
එතකොට ඔයාල කියයි මම මේ Photoshop වැඩ කැල්ලක් දාලා කියලා 100%ක්ම මේක Photoshop නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් Photoshop තියා කිසිම Image Editing Software එකක් මේක Resize කරන්නවත් පාවිච්චි කෙරුවෙ නැ.



මේක සරල Javascript එකක් මගින් තමයි කරලා තියෙන්නෙ. ඉතින් මේක මගින් වෙබ් බ්‍රව්සර් එක තුල තියන Text කොටස් ඕනිම ප්‍රමාණයක් Edit කරන්න පුලුවන්. ඒ වගේම ඒ ආකාරයටම එම වෙබ් පිටුව අපේ පරිගණකය තුලට භාගත කරගන්නත් පුලුවන්. එසේම Screenshot ගන්නත්, Print කරන්නත් පුලුවන්.  

එහෙනම් ඉස්සෙල්ලාම මේ පල්ලෙහා තියන ලින්ක් එක Bookmark Toolbar එකට Drag කරලා ගිහින් දාන්න. 

Javascript Edit

දැන් ඕනිම වෙබ් පිටුවක Text කොටසක් Edit කරගන්න ඕනි නම් මේ Bookmark එක උඩ Click කරලා ඒ වැඩේ කරන්න පටන්ගන්න පුලුවන්.  

මේක මගින් original server එකේ වෙබ් පිටුව වෙනසක් වෙන්නෙ නැ. ඒ හින්දා මේක Hack එකක් කියලා හිතන්න එපා හොදේ. Page එක reload කෙරුවාම කරපු වෙනස්කම් අයින් වෙනවා කියන එකත් මතක් කරන්නම ඕනි.  

මේකට යොදාගන්න Javascript එකත් කියන්නම ඕනි. මේ පල්ලෙහා තියෙන්නෙ ඒ Script එක තමයි. 

javascript:document.body.contentEditable='true';document.designMode='on'; void 0
එහෙනම් මම ගිහින් එන්නම් වැඩේ හොදනම් Comment එකක් දාලා එහෙම කියන්නකෝ. පුලුවන් නම් පල්ලෙහා තියන ඇඩ් එකටත් Click එකක් දාන්න. 

Post a Comment

Amazin
Powered by Blogger.