පළමු පාඩම (ජාවා ගැන හැඳින්වීමක්)

ජාවා පරිගනක භාශාවේ තියෙන ප්‍රධානම වාසියක් තමයි ජාවා පරිගනක භාෂාවෙන් ලිය ඕනෑම 
වැඩසටහනක් ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියා කරවන්න හැකි වීම. අනිත් කාරණය තමයි 
ජාවා භාශාව ඕනෑම කෙනෙකුට නොමිලේම ලබාගෙන පාවිච්චි කරන්න පුළුවන් කම ලැබීම. 
ජාවා සමග භාහිරව පාවිච්චි කරන්න ලැබෙන තව ගොඩාක් ටූල්ස් පවා නොමිලේම ලබා
 ගන්න පුළුවන් අපිට.




ජාවා භාශාවේ නිර්මාතෘ, ජේම්ස් ගොස්ලින් කියන පරිගනක විද්‍යාඥයා. මෑතක් වෙන 
තුරුම ජාවා අයිති වෙලා තිබුනේ Sun Microsystems කියන ආයතනයට. නමුත් දැන් 
ජාවා අයිතිOracle කියන ආයතනයට. ජාවා භාශාව සම්බන්ධයෙන් සියලු කටයුතු කෙරෙන්නේ 
මේ ආයතනයෙන්.
දැන් අපි බලමු කොහොමද ජාවා වලින් වැඩ කරන්න පටන් ගන්නේ කියල. 
මේකට අපිට ඕන වෙනවා Java Development Kit එක. දැනට තියෙන අලුත්ම
 JDK සංස්කරණය JDK 7 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.



දැන් බලමු ජාවා ඉන්ස්ටෝල් කරන හැටි(Windows මෙහෙයුම් පද්ධති වල)...
ඩවුන්ලෝඩ් කරගත්
 Setup File එක(jdk-7u45-windows-i586.exe හෝ jdk-7u45-windows-x64.exe) 
සාමාන්‍ය විදියටම run කරලා install කර ගන්න.
jdk7 install වුනාට පස්සේ අපිට ජාවා වලින් වැඩ පටන් ගන්නනම් තව පොඩි වැඩ 

ටිකක් තියෙනවා කරන්න.මේ සඳහා මුලින්ම ඔයා jdk install කරපු folder එකට 
යන්න. jdk default settings  වලට අනුව install කලානම්
 C:\Program Files\Java කියන folder එක ඇතුලේ jdk එක install වෙලා තියෙන්න ඕන.
දැන් මේ folder එකේ තියෙන jdk1.7.x_xx වගේ නමකින් තියෙන folder එක ඇතුලේ තියෙන bin 
කියන folder එක ඇතුලට ගිහින් ඒ folder එකේ Path එක copy කර ගන්න.

හරි, දැන් මේ window එක close කරලා desktop එකේ Computer icon එකේ

 right click කරලා
 Properties c


එතකොට open වෙන window එකේ Advanced system settings වලට යන්න
. ඒකෙ Advanced 
ටැබ් ඒකෙ Environment Variables... බට්න් එක click කරන්න

දැන්, open වෙන වින්ඩොව් එකේ System Variables කියන list එකේ පහලින් තියෙන 

path කියන item එක select කරලා පහලින් තියෙන Edit button එක click කරන්න. දැන් 
open වෙන dialog box එකේVariable value කියන field එකේ අන්තිමට 
semi-colon(<img style='border: 0; padding:0'  src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/3.gif' alt=';)'/>එකක් type කරලා කලින් copy කර ගත්ත
 jdk bin folder එකේ path එක paste කරලා OK කරන්න.

හරි, දැන් ජාවා වලින් code කරන්න පුළුවන් තත්වෙට අපේ computer එක සූදානම් 

කරගෙන ඉවරයි.අපි බලමු අපි හදා ගත්ත settings නිවැරිදිව වැඩ කරනවද කියල.
මේකට Command Prompt එක open කර ගන්න ඕන. 

Windows Key + R press කරලා cmd කියල
 type කරලා Enter key එක press කරන්න. මේ open වුනේ Command Prompt 
එකයි. ජාවා වලින් වැඩ කරනකොට cmd එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.


දැන් java කියල type කරලා enter key එක press කරන්න. අපේ වැඩේ සාර්ථකනම් 
මේ වගේ result එකක් ලැබෙන්න ඕන.


ඊට පස්සේ javac කියල type කරලා enter key එක press කරන්න. එතකොට

 මේ වගේ result එකක් 
එනවනම් අපි මුල් පියවර සාර්ථකව නිම කරලා.....!


'java' is not recognized as an internal or external command, operable 

program or batch file.'javac' is not recognized as an internal or
 external command, operable 
program or batch file.
 මේ වගේ message එකක් එනවනම් ඉහත පියවර ටික නැවත මුල ඉඳල කරන්න.
මේ පියවර සාර්ථකනම් අපිට ජාවා වලින් code කරන්න පටන් ගන්න පුළුවන්.


එහෙනම් ඊලග ලිපියෙන් හමු වෙමු ලිපිය ගැන අදහසකුත් දාලම යන්න ...
Amazin
Powered by Blogger.