ලංකාවට මීට අවුරුදු කිහිපයකට කලින් 3D තාක්ෂනය ලංකාවේ ජනප්‍රිය වුනත්, දැනට ලෝකයේ ජනප්‍රිය 4D තාක්ෂනය ගැන ගොඩක් අය දන්නේ නෑ. සමහරවිට මේ ලිපිය බලන පිටරට හෝ ලංකාවේ අය 4D film අත්දැකීම අරගෙන ඇති කියලා හිතනවා. 




මොනවද මේ 4D film?

අපි දන්නවා 3D film වලනම් දෙන්නේ  x, y, z අක්ෂ 3 ම උපයෝගී කරගෙන කරගෙන පෙන්වන දසුනක්. මෙහිදී ඊට අමතරව තවත් දේවල් එකතු කරලා තියනවා.

Advanced motion seats - සෙලවෙන ආසන
Vibration systems – Vibration සහිත ආසන
Water spray - වතුර ස්ප්‍රේ
Temperature variation (Cold & Hot) - උෂ්ණත්ව වෙනස්කම්

මීට අමතරව තවත් දේවල් එකතු කරපු ඒවත් තියනවා. එහෙම එක එක අංග එකතු වෙනකොට ඒවාට 5D, 6D, 7Dවගේ නම් වලින් හදුන්වනවා.

මේ Film වල ඒ film 1 තියන ජවනිකාව අනුව මේ දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ අවස්ථාවේ අපි එතන ඉන්නවා වගේ හැගීමක් අපිට එනවා. (හැබැයි ඉතින් වැස්සක වගේ seen එකක් ගියොත් නාන්න තමයි වෙන්නේ අපිටත්)

උඩ දාලා තියන වර්ග 4 න් වෙන වෙනම කෙරෙන දේවල් කියන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මං හිතනවා. මේවත් එක්ක 3D sound එකත් එකතු වුනාම වැඩේ පට්ටම ගති.

මුල්ම 4D film එකක අත්දැකීම ආවේ 1984 වර්ෂයේ. (හිතාගන්නත් බෑ නේද?)

නමුත් 2009 out වුන ඇවටර් (Avatar) Film එක ගොඩක් රටවල 4D තාක්ෂනය නිසා ජනප්‍රිය වුනා. මම හිතනවා ඔයාලා මේකේ 2D film 1 වත් බලන්න ඇති කියලා. පොඩ්ඩක් හිතලා බලන්න ඒකෙ උඩින් යනකොට, ගස් උඩින යනකොට Film එක බලන කෙනාට කොච්චර Fantastic විදියට ඒක දැනෙන්න ඇති නේද කියලා.

දැනට 4D film 27ක් නිපදවලා තියනවා. මේ තියෙන්නේ ලගදි out වුන Film සෙට් එකක්..
Star Tours 2 – 2011
Shalem – 2011
Spy kids – 2011
Transformers – 2011
Despicable me – 2012
Ice Age – Down of the Dinosaurs – 2012
Iron man 3 – 2013

අපිට ලංකාවේ 4D Films බලන්න පුළුවන් කොහේද?
මම දන්නේනම් Colombo10-  Excel world එකේ තමයි. එහෙදි ඔයාට මේ අත්දැකීම ගන්න පුළුවන්.  තව ඔයාලා දන්න තැන් තියනවනම් Comment එකක් විදියට දාන්න අපිටත් දැනගන්න...

මැලේසියාවේ යාලුවෙක් එයා බලපු 4D Film එකක Video එකක් එව්වා. මේකත් බලන්න..




මගෙත් ලොකු හීනයක් තියනවා ක්‍රිකට් Match 1 ක් මේ විදියට බලන්න. එතකොට අපි Ground 1 ලග ඉදලා Match 1 බලනවා වගේ හිතේවි නේද?


    

මේ වගේ වටින දේවල් හැමදාම අප්ඩේට් වෙන අලුත් ලංකා .com සමග එකතු වෙන්න වම්පස join This site මත click 
කිරීමෙන්.
Amazin
Powered by Blogger.