අද මම කතාකරන්නෙ යාලුවනේ C# වලදි භාවිතා වෙන Controls ගැන.මීට පෙර ලිපියකදි මම කතා කරා Controls වලට name එකක් ලබා දෙන අවස්ථාවක්.(Name property එක)ඉතින් ඒ පිළිබඳ තමා මේ කියන්නෙ.
- C# Lesson Series by Sadeepa -
මුලින්ම බලමු Control එකක් නම් කරන්නෙ කොහොමද කියලා,
මෙන්න syntax එක.
<prefix><identifier>
එක් එක් control එකට අදාල වන prefix තිබෙන අතර ඒ ඒ control එක නම් කරන විට එයට ආවේනික prefix එක භවිතා කළ යුතුය (උදා:- txt , lbl , btn..). Identifier කොටසට ලබා දෙන්නෙ අපට එයා පහසුවෙන් හඳුනාගැනීමට නමකි (උදා:- Name, Bdate , Addres ).
හරි අපි දැන් බලමු C# වලදි භාවිතා වෙන Controls වල අදාල prefixes සහ එයට identifier එකක් ලබා දෙන අවස්ථාවන්ගේ උදාහරණ.
Control Name
Prefix
උදාහරණය
TextBox
txt
txtNumber
Label
lbl
lblResult
Button
btn
btnCompose
List
lst
lstSongs
Combobox
cbo
cboGenere
OptionButtons
opt
optYes
Checkbox
chk
chkPrint
Form
frm
frmGarfield

මේ කියන Control Name එක තමයි Properties Window එකේ Name කොටසින් පෙන්වන්නෙ.



Controls වලට Names ලබා දීමේදී බලපාන කොන්දේසි.

  • Identifier කොටස ආරම්භ විය යුත්තේ Capital අකුරකින්ය.(txtNumber).
  • Prefix කොටස ආරම්භ විය යුත්තේ Simple අකුරකින්ය.(txtNumber).
  • Prefix එක හා Identifier එක මැද කිසිදු හිස්තැනක් තබන්නේ නැත.
  • Prefix එක හා  Identifier එක අතර (_) Underscore එක හැරුණුකොට විරාම ලක්ශණ වැනි Symbols භාවිතා කළ නොහැක.

Sources - (Diploma in Information Technology (DiTEC) - ESOFT)

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.