java script ඕනෑම කෙනෙකුට නොමිලේම බාවිත කරන්න පුළුවන් language එකක්..java script run කරන්න අපිට ඕන web browser එකක් විතරයි...HTML සමග තමයි java script බොහෝවිට බාවිත වෙන්නේ. web page එකක් තියෙන static ස්වරුපය dynamic සවරුපයට ගන්න java script බාවිත කරනවා (ඇත්තටම dynamic වෙන්නේ නැ ඇත්තටම dynamic කරන්නේ php වලින්)..java script කියන language ඒක case sensitive ඒ කියන්නේ java script එකක් ලියනකොට simple - capital ගැන සැලකිලි මත් විය යුතුය.



HTML document එකක java script add කරන ප්‍රදාන තැන තුනක් තියෙනවා
....................................................................................................

<html>
      <head>
         <title> </title> 
      </head>

  <body>

    (Body tag ඒක ඇතුලේ ලියන්න පුළුවන් )

 </body>
</html>
....................................................................................................

<html>
      <head>
         <title> </title>
     (head tag ඒක ඇතුලේ ලියන්න පුළුවන් ) 
      </head>

  <body>
 </body>
</html>
....................................................................................................
<html>
      <head>
         <title> </title>
    <script src="myjavascript.js">
අපි ලියපු වෙනත් java script එකක් මේ විදිහට html page ඒකට ඇතුලත් කරන්නත් පුළුවන්
      </head>

  <body>
 </body>
</html>

....................................................................................................

ඔය විදිහට අපිට page එකකට java script දාගන්න පුළුවන් ඔය ඒක ඒක ක්‍රම වල වාසි අවාසි තියෙනවා      අපි ඒවා script ලියනකොට කතා කරමු..

එහෙනම් අපි java script එකක් ලියලා බලමු....

<script type ="text/javascript">
document.write("My first java script")
</script>

අපි ලියන code ඒක script එකක් කියල browser ඒකට හදුන්වල දෙන්නේ <script> කියන tag එකෙන් , type ="text/javascript" කියල තියෙන්නේ අපි ලියන script ඒක මොන වර්ගයේද කියල හදුන්වලදෙන්න.. document.write("My first java script") ) මේකෙන් කියන්නේ ඔයා රතු පාටින් තියෙන ටික print කරලා පෙන්නන්න කියන ඒක , </script> කියල තියෙන්නේ එතනින් script ඒක ඉවරයි කියල browser ඒකට හදුන්වල දෙන්නයි...

....................................................................................................
<html>
      <head>
         <title> </title> 
      </head>

  <body>

 <script type ="text/javascript">
document.write("My first java script")
</script>

 </body>
</html>
....................................................................................................

<html>
      <head>
         <title> </title>
    <script type ="text/javascript">
document.write("My first java script")
</script>
      </head>

  <body>
 </body>
</html>
....................................................................................................

මුල් ක්‍රම දෙකට අපි ලියපු script මේ විදිහට යොදා ගන්න පුළුවන් ....කැමති code එකක් copy කරලා අරගෙන text document එකක paste කරලා save as දෙන්න..save as type : all files     file name: abc.html  කියල save කරගන්න...දැන් file ඒක browser එකේ open කරලා බලන්න ...

තුන් වන ක්‍රමයට කරන්නේ මෙන්න මේ විදිහට

මුලින්ම folder එකක් හදාගන්න . ඒක ඇතුලේ text document හදල පහත කොටස පමණක් copy -paste කරගන්න
document.write("My first java script") 

මේක ඉහත පරිදිම save කරගන්න file name: myscrpt.js කියල වෙනස් කරගන්න..අපි මේ කලේ වෙනම java script file එකක් හදපු එකයි..ඒ කියන්නේ external file ඒකක් ඒවා save කරන්නේ .js කියන extension එකෙන් ..දැන් ඒ file ඒක html file ඒකට link කරන්න ඕනෙ ..ඒක තමයි අපි තුන්වෙනි ක්‍රමයෙන් කරන්නේ

text document එකක් open කරලා පහත code ඒක copy- paste කරගෙන file type : abc.html කියල save කරගන්න. මේ html file එකයි js file එකයි අනිවාර්යයෙන්ම එකම folder එකක තියෙන්න ඕනේ


<html>
      <head>
         <title> </title>
    <script src="myscrpt.js ">

      </head>

  <body>
 </body>
</html>

දැන් html file ඒක run කරලා බලන්න....අද  පාඩම මෙතනින් අවසානයි ..මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න ..පාඩම්  අංක 4 න් ඉක්මනටම හමුවෙමු ...
Amazin
Powered by Blogger.