මට වගේම සයිට් කරන ගොඩක් යාලුවන්ගෙ ලින්ක් එෆ්බී එකෙන් බ්ලොක් කරල තියෙනවනේ...අපි ගොඩක් ගෘප් වල පෝස්ට් කරන කොට රිපෝට් එහෙම වෙන නිසා තමයිනෙ ඒම වෙන්නෙ....එතකොට එපාවෙනවනෙ....ඒක නිසා මාත් අමාරුවෙන් ක්‍රමයක් හොයාගත්ත...ඒනං කරන හැටි බලමුකෝ...

*අපිට මේකට ඕන වෙනව,
  1.            Gmail account (Google Drive account)
  2.            HTML Code (මේක අපි දෙනව ඔයාලට )




1.මුලින්ම මේ පහළ තියෙන කෝඩ් එක copyකරගෙන Notepad එකක් open කරගෙන පේස්ට් කරනගන්නකෝ.......




2.ඊටපස්සෙ මේ කෝඩ් එකේ තියෙන Aluth lanka වචනෙ වෙනුවට ඔයාගෙ ලින්ක් එකේ ටයිට්ල් එක දීල http://Aluthlanka.com/ වෙනුවට ඔයාගෙ ලින්ක් එක දීල  නෝට් පෑඩ් එකේ  file>>save as ක්ලික් කරන්නකෝ....

3.ඊටපස්සෙ එන ඩයලොග් බොක්ස් එකේ,
File name: link.html 
Save as TypeAll files කියල දීල සේව් කරගන්නකෝ...දැං ඔයා HTML ෆයිල් එක හදං ඉවරයි ඒනං...


4.දැං ඔයා http://googledrive.com/  වලට ගිහිං ලොග් වෙලා නැත්තං G+ එකෙන් ලොග් වෙලා....අයිනෙ තියෙන Upload බට්න් එක ක්ලික් කරල ඔයා කලින් හදා ගත්ත HTML ෆයිල් එක අප්ලෝඩ් කරගන්නකෝ...




5.අප්ලෝඩ් වුණ ගමන් ඔයාට ෆයිල් එක පෙන්නනවනේ...ඒ ෆයිල් එක උඩින් Right Click ශෙයාර් ක්ලික් කරල ආයෙ පාරක් ශෙයාර් ක්ලික් කරන්නකෝ....



6.එකනොට පොප්අප් වෙන බොක්ස් එකේ මැද හරියෙන් වගෙ තියෙන changeබට්න් එක ක්ලික් කරල....එතකොට එන බොක්ස් එකේ  public on the web කියන මෙව්ව එකට ටික් එකක් දාල Save කරගන්නකෝ...






7.ඊළඟට අපිට ෆයිල් එකෙ අයිඩී එක ඕන...ඒක ගන්න ඔයාගෙ ෆයිල් එකේ Right click කරල...ඊටපස්සෙ Open with>>>Google Drive viewer ක්ලික් කරන්නකෝ....



8.එතකොට කෝඩ් එක අලුත් ටැබ් එකක Open වෙනවනේ...ඒ පේජ් එකේ ලින්ක් බාර් එකේ තියෙන ලින්ක් එකෙන්...මේ පහළ ස්ක්‍රීන් ශොට් එකේ වගේ ඔයාගෙ IDඑක කොපි කරගන්නකෝ...අයිඩී එක විතරයි...



.උදා:-0B5zZjbFEaV-UKlkso0maUDZhRja වගේ....


9.දැං අමාරු වැඩ ටික ඉවරයි...ඊළඟට ඔයා http://gdriv.es/
 වලට යන්නකෝ....ඒකෙ ලාවට පල්ලෙහයින් තියෙ Your folder ID: වලට ඔයා කොපි කරගත්ත ID එකයි....Your chosen alias:  වලට ඔයා කැමති ඕනම නමක් දෙන්න.. (අපිට ලැබෙන ලින්ක් එක අගට වැටෙන්න)_....ඊළඟ Get your free alias! ක්ලික් කරන්නකෝ...


10.එතකොට ඔයාගෙ අලුත්ම ශෝර්ට් ලින්ක් එක වැටෙයි...එ...ඒ ලින්ක් එක කොපි කරගෙන...ඒ වගේම ඕපන් කරලත් බලන්නකෝ....



  දැං ඉතිං හිතේ හැටියට ශෙයාර් කරන්න පුලුවන් ඔයාලට...ඒ වගේම ‍අමාරුයි වගේ පෙනුනට ලේසියි .ඔයත් කරල බලන්නකෝ....මේක බුකියෙන් බ්ලොක් කරන්නෑ... :) මාත් ටෙස්ට් කරලනෙ කියන්නෙ .එහෙනම් මං ගියා ....ගැටලු තියේනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ.......බායි!



Amazin
Powered by Blogger.