iPhone 6 Plus නැවෙනසුලු බවට නැගෙන චෝදනා ගැන Apple සමාගම ප්‍රතිචාර දක්වයි
Apple සමාගම විසින් වෙළෙඳපොළට ඉදිරිපත් කරනු ලැබූ නවතම ජංගම දුරකතනය වන iPhone 6 Plus දුරකතනය නැවෙනසුලු බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම සමාගම පවසයි.


එහි ප්‍රකාශක ටෲඩි ම්‍යුලර් email පණිවුඩයක් මගින් දැනුම් දී ඇත්තේ, iPhone 6 Plus ජංගම දුරකතනය සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇත්තේ පැමිණිලි 9ක් පමණක් බව ය.
එම ජංගම දුරකතනය නැවෙනසුලු බවට නගන චෝදනා පිළිගත ‍නොහැකි බව ත්, ඒ සඳහා මළ නොබැඳෙන ශක්තිමත් ලෝහයක් භාවිත කර ඇති බව ය.
යම් හෙයකින් පසුපස සාක්කුවල ජංගම දුරකතන දමාගෙන හිඳ ගැනීමේදී සිදුවන තෙරපීමෙන් එය නැවීමේ ඉඩකඩක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
ටෲඩි ම්‍යුලර් සඳහන් කළේ, එම තත්ත්වය iPhoneවලට පමණක් නොව ඕනෑ ම ජංගම දුරකතනයක් සඳහා බලපෑ හැකි බව ය.
Amazin
Powered by Blogger.