ඇමෙරිකානු නාවික හමුදාවට අයත් වැඩක් ගැන තමයි අද ලිපියෙන් කියන්නෙ.Virginia මුහුදු වෙරළේ නැගෙනහිර පිහිටි Joint Expeditionary කඳවුරේ සිට සිදු කරන මේ පරීක්ශණවලට භාවිතා වෙලා තියෙන්නෙ 'GhostSwimmer' ( පිහිනුම් අවතාරය) නම් රොබෝ මෝරෙක්ව.Boston ඉන්ජිනේරුවන්ගේ ආනුභාවයෙන් ජලය තුළ 
නියමුවන් රහිතව ගමන් කරන උපකරණ සෑදීමට ඇම්රිකානු නාවික හමුදාවේ NEMO නම් ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් විදියට තමයි මෙයාලා මේ රොබෝ මෝරෙක්ව නිර්මාණය කරලා තියෙන්නෙ.
මේ පිහිනුම් අවතාරය මීටර් 1.5ක් පමණ දිගින් යුක්ත වන අතර, 45kg බරකින්ද යුක්තය. දැවැන්ත මත්සයෙකුගේ පිහිනීම හා ශරීරය අනුකරණය කරමින් නිර්මාණය කරන ලද රොබෝවෙකු ලෙස මෙය හඳුන්වා ඇත.අඟල් 10 සිට අඩි 300 දක්වා ගැඹුරකදී වුවත් හොඳින් පිහීනීමට හැකි වන ලෙස නිර්මාණය කර ඇති මෙම රොබෝ මෝරාව මීටර් 152ක් දුරින් තිබෙන ලැප්ටොප් පරිගණකයක් හරහා පාලනය කළ හැක. එමෙන්ම තමාගේ තිබෙන සංවේදක හරහා කිසිවෙකුගේ හෝ බලපෑමක් රහිතව ස්ව්‍යංපාලනයක්ද සිදු කළ හැකි වන ලෙස වැඩි ආයු කාලයක් පව්තින බැටරියක්ද අන්තර්ගතකොට තිබේ.මෙය ලැප්ටොප් පරිගණකය හා සම්බන්ධ වූ අවස්ථාවේ පටන් තමා සිටින ස්ථානයේ සජීවී රූපරාමු හා වෙනත් දත්ත සම්ප්‍රේශණය කරයි. කෙසේවෙතත් මෙය ස්ව්‍යංපාලනයෙන් පවතින අවස්ථාවේදී තමා විසින් ලබගන්නා දත්ත ගබඩා කොට තබාගන්නා අතර අවශ්‍ය වූ විට ඒවා ලබාගැනීමට පුලුවණි.
තමාගේ චලනයට ආවේනිකව ඉදිරියට ගමන්කරන මේ රොබෝ මෝරා හට වේශාන්තරණ හැකියාවක්ද තිබේ. මෙය හමුදා බුද්ධි අංශ වල නිරීක්ෂණ හා පිරික්සුම් මෙහෙයුම් වලදී අතිශය වැදගත් වේ. කෙසේවෙතත් නාවික හමුදාව අති ගත් කළ මෙය නැව් පරීශණ වැඩවලටත් වටිනා දෙයක් වන බව නොඅනුමානය.



* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.