ඉන්දුනිසියාවේ සිට සිංගප්පූරුව දක්වා පියසාර කරමින් තිබූ මැලේසියාවේ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් යානාවක් මීට ටික වේලාවකට පෙර අතුරුදන් වුනා. 


විදෙස් වාර්තා සඳහන් කලේ  QZ 8501 නැමති ගුවන් යානය මෙලෙස අතුරුදන්ව ඇති බවයි. ඉන්දුනීසියාවේ සුරබායා ගුවන් තොටුපලේ සිට ගමන් ආරම්භ කර ඇති මෙම ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 162 සිටි බවට වාර්තාවනවා. 


මේ වන විට ගුවන් යානයේ සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ගුවන් යානය ගුවන් පථයෙන් නොපෙනී යන අයුරු flightradar24.com ඔස්සේ පැහැදිලි කරන වීඩියෝව හා වැඩිදුර විස්තර පහතින්..








UPDATE | 2014-12-28 11.20 A.M
---------------------------------------------------------

ඉන්දුනීසියාවේ සිට සිංගප්පූර් බලා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් මේ වන විට අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා. AirAsia ගුවන් යානයක් වන මෙහි මඟීන් 155-162 අතර පිරිසක් ගමන් කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

AirAsia ගුවන් සමාගම නිවේදනය කර ඇති ආකාරයට උදෑසන 07.24ට පමණ ගුවන් යානය සමඟ තිබූ සම්බන්ධතා බිඳවැටී ඇති බවයි වාර්තා වන්නේ. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.


Source - Hiru Tv  
Amazin
Powered by Blogger.