පිටසක්වලයින් මැලේසියාවටත් !!
මැලේසියාව කියන්නේ පහුගිය කාලයේදී බොහොම කතාබහට ලක් වුනු රටක්.මේකට හේතු වුනේ අතුරුදහන් වුනු මැලේසියානු ගුවන් යානය.කිසිම සලකුණක් නැතිව අතුරුදහන් වුනු මේ ගුවන් යානය මම දන්නා විදියට නම් 





මෙතෙක් සොයා ගෙන නැහැ.පහු ගිය දවසක මැලේසියානු වැසියන්ට තවත් අත්භූත සිදුවීමකට මුහුණ දෙන්න 


වුනා.පෙනම්පෑන්ග් (ඵෙනම්පන්ග්) නගර වැසියන් භීතියට පත් කල මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ සැප්තැම්බර් තුන් වෙනිදා.



සැප්තැම්බර් තුන් වෙනිදා රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 විතර වෙනකම් මේ නගර වැසියන්ට අහසේ අත්භූත එළියක් දකින්න ලැබිලා තියෙනවා.ඉහල සිට පහලට ඇඳපු ඉරක් විදියට පොළොවට ලම්භකව පිහිටපු මේ එලිය නගර වැසියන් සියලු දෙනාම වගේ දැකලා තියෙනවා.



මේ එළියේ පාට ගිනි දළු වලට සමාන ඒ කියන්නේ රතු මිශ්‍ර කහ පාටක් ගත නිසා ගොඩක් දෙනෙක් මේ එලිය උල්කාපාතයක් විදියට අර්ථ දක්වලා තියෙනවා.නමුත් ප්‍රශ්නය කියන්නේ මේ එලිය පැය තුනකට ආසන්න කාලයක් අහසේ නොසෙල්වී එකම තැනක දකින්න ලැබීම.සාමාන්‍යයෙන් අපි දන්නා උල්කාපාත කඩා වැටීම් නම් මේ විදියට දර්ශනය වෙන්නේ නැහැ.
Amazin
Powered by Blogger.