කවුද අකමැති තමන්ගෙ ගෙදර තියෙන විදුලි බුබුලු Remote එකෙන් On / Off කරන්න. ඉතින් අද කියලා දෙන්න යන්නෙ ඒක කරන්නෙ කොහොමද කියලා.මම කලින් ළිපියකදි හොඳට කියලා දුන්නනෙ Remote ගැන. ඒ දැනුම ගොඩක් වටිනවා මේ ළිපියට.
හරි දැන් බලමු වැඩේට මොනවද ඕනෙ කියලා.


  • දුරස්ථ පාලක පරිපථයක්, ලිපියෙ තියෙනවා හදන හැටි.
  • Relay එකක්. (6v හෝ ඊට අඩු විදුලියකින් ක්‍රියාත්මක වන, 230V සමඟ භාවිතා කළ හැකි)
  • කුඩා විදුලි උපකරණයක්.(විදුලි බල්බයක් - 5W පමණ)
  • වයර් හා දුරස්ථ පාලක පරිපථ සඳහා බැටරි හෝ power pack.

මෙම ළිපියේදී 230v - අධි වෝල්ටීයතාවක් සමඟ ක්‍රියාත්මක වන පරිපථයක් විස්තර කරන බැවින් මෙය අත්හදා බලන්නේනම් 230v විදුලිය ගැන දැනුමක් ඇති අයෙකුගේ සහය ඇතුව එය සිදු කරන්න. එමෙන්ම පරිපථය ක්‍රියාත්මක වන විට Receiver කොටසට අදාල කිසිඳු කොටසක් ස්පර්ශ කිරීමෙන් වළකින්න.Relay එකේ වයර් වැරදියට සවි කිරීමෙන් මුළු පරිපථයම අධි විදුලියට පිලිස්සීයාමට ඉඩ ඇති බැවින් Relay එක මිළදීගන්නා විට එහි වයර් සම්බන්ද විය යුතු ආකාරය ගැන විමසා සිටින්න.
මම නම් මෙතනදි දුරස්ථ පාලක පරිපථය විදියට භාවිතා කළේ Remote Car එකක Circuit එකක්. ඒත් Remote Car එකක Circuit එකක් හොයාගන්න බැරි අයට පුළුවන් ගෙදර තියෙන TV හෝ DVD එකේ Remote එක හරහා පහත පරිපථය භාවිතා කරන්න.
Remote Car එකක Circuit එකක්නම් එහි Car එකේ තිබෙන පරිපථයෙහි එක් මෝටරයකට යන වයර් දෙකක් Relay එකට සම්බන්ධ කරගන්න පුළුවන්.
මේ තියෙන්නෙ මම භාවිතා කරපු Remote Car එකේ Circuit එක. (පින්තූර අපැහැදිලිනම් එය මත click කර විශාල කරගන්න)
ඉතින් මම Remote Car එකේ පිටුපස මෝටරයට සම්බන්ද වන වයර් දෙක Relay එකට සම්බන්ධ කරා. ඒකෙ ස්විචයක් ලෙස ක්‍රියා කරන කොටසට 230v විදුලියෙන් ක්‍රියාත්මක වන බල්බය සම්බන්ධ කරා.
ප්‍රධාන විදුලි මාර්ගයට (230v - නිවසේ විදුලිය) සම්බන්ධ කිරීමට පෙර පරිපථයේ Remote හා Receiver වලට බැටරි/power pack සම්බන්ධ කොට, Remote එකෙන් පරිපථය ක්‍රියා කරවන්න. එවිට Relay එකෙක් "ටික්" යන ශබ්දය ඇසේ. එසේ නොවන්නේ නම් නිවැරදිව Relay හා අනෙකුත් උපාංග වල වයර් සම්බන්ධව ඇත්දැයි බලන්න.
එහෙනම් දැන් තියෙන්නෙ Light එක 230v විදුලියට සම්බන්ධ කිරීම. (මෙය අත්හදා බලන්නේනම් 230v විදුලිය ගැන දැනුමක් ඇති අයෙකුගේ සහය ඇතුව එය සිදු කරන්න.)
 එහෙනම් ඔන්න ප්‍රධාන විදුලි මාර්ගයට සම්බන්ධ කරා
 හුරේ එලටටම වැඩ :)
දැන් ඉතින් මේ ක්‍රමේ පාවිච්චි කරලා ගෙදර ඕනෙම විදුලි උපකරණයක් ක්‍රියාත්මක ක්‍ර්වන්න පුළුවන්. හැබැයි Fan වගේ Watt ගාන වැඩි උපකරණ භාවිතා කරනවානම් ඒවටම ගැලපෙන Relays ගන්න.
මෙන්න Video එක.
අද උදේ තමා සේරම කරේ, මතක ඇතුව Comment එකකුත් දාන්න.

Post By Sadepa
Amazin
Powered by Blogger.