ඔන්න ඉතින් තව පොඩි කුප්පියක් අරගෙන ආවා.. පොඩි කුප්පියක් කිව්වට මේකෙත් අමුතුම ගතියක් තියනවා.. මොකෝ කියන්නේ ඕනෑම කෙනෙකුට ලෝකේ වටේ තියන CCTV ගෙදර ඉදන්ම බලන්න පුළුවන් චාන්ස් එකක් දෙනවා කිව්වොත්... ම්ම්ම්ම් එහෙමද ආස.. 

:D ලොලේ ලොල් කියල එහෙනම් අද කුප්පියෙන් දෙන්න යන්නේ එක එක තැන්වල තියන CCTV වලින් බලන්නේ කොහොමද කියලයි.. ඈ ඈ .. එතකොට ආව හිනාව නේද.. ඇති ඇති පැණි හිනාව.. යාපනේ ඉදලා හම්බන්තොටට පේනවා.. :D හරි එහෙනම් මෙන්න මෙහෙමලු වෙන්නේ හරිද.. මේක වෙන්නේ ඔන්ලයින් හොදද.. නැතුව ඉතින් Live CCTV අහවල් විදිහට බලන්නද නේද ... :D 


බීච් වල, හොටෙල් වල, රෙස්ටෝරන්ට් වල, මහා පාරවල්වල, පාක් වල, නයිට් ක්ලබ් වල(ත් ඇති :D) එහෙම තියන CCTV,LiveCam විවිධ ආරක්ෂක හා වෙනත් හේතු උඩ සජීවීව අන්තර්ජාලයට යොමු කරලා තියනවා.. ඔන්න අපි කොරන්ට හදන්නේ අන්න එව්වට හොම්බ දාන එකයි... අනුන්ගේ එව්වට හොම්බ දාද්දීත් අමුතුම පාට පාට ගතියක් තියනවනේ.. :D එහෙනම් වැඩේ පටන්ගමු නේද ? 

දැනට ඉතින් ලංකාවේ කියල CCTV තියෙන්නේ කොලොම්පුරේ විතරනේ.. තව ඉස්සරහට මුළු ලංකාවේම වැඩ කෑලි ගෙදර ඉදලම බලාගන්න පුළුවන් වේවි..

මෙන්න මෙතන කොටන්න.. Search Result එකින් එක බලන්නකෝ.. එක එක CCTV හම්බ වෙයි..

එහෙම නැතිනම් අපේ සයිබර් දෙයියා ගූගල් ගොයියා වෙතට ගිහින් පහල තියන ටික කොටන්න.. එතකොට එන Result වලින් තියෙන්නේ ඔය කලින් කිව්ව CCTV තමා.. පොඩ්ඩක් කරක් ගහල හොයාගන්න පුළුවන් අවශ්‍ය දේවල්... (මමනම් දන්නේ නෑ මොනවද කියලා) 

මෙන්න තියනවා කොටන්න ඕන ටික..
inurl:view/index:shtml

හරි එහෙනම් ඔන්න ඒ කුප්පියත් ඉවර කළා හොදේ.. ඉතාමත් ඉක්මනට තවත් ආස හිතෙන මේ වගේම එල ලිපියකින් සෙට් වෙමු ඈ..

එහෙනම්..
ඔබට ජය වේවා..!!
Amazin
Powered by Blogger.