Room වල දැනට ගොඩක් භාවිතා කරන Hidden Camera නිසා ලංකාවේ ගොඩක් අය ලජ්ජාවට තමන්ගේ ජිවිතේ පවා නැතිකරගත්ත අවස්ථා ගැන ගොඩක් අහලා තියනවා ඇතිනේ.
මේ කියන්නේ එහෙම හොරුන්ට ගොදුරු වෙන්නේ නැති වෙන්න පොඩි දැනුවත් කිරීමක් ගැනයි.

කොහෙද මේවා තියෙන්නේ?

  • මල් වාස්
  • බිත්ති Photos
  • මේස ලාම්පු (Table Lamp)
  • මේස ඔරලෝසු (Table Clock)
  • විදුලි පංකා (Fan)
  • කැලැන්ඩර්
  • Plug point
  • සිවිලිමේ බල්බ තුල





කොහොමද මේ Camera හොයාගන්නේ?
1 - පියවි ඇසින් පරික්ෂා කිරීමෙන්
2 – Wireless camera detecter එකක් මගින්
3 – Phone එකක් භාවිතයෙන්



1 - පියවි ඇසින් පරික්ෂා කිරීමෙන්
මේවයෙන් ප්‍රධාන වශයෙන් ඇඳට ඉහළින් ඇති විදුලි පංකා, බල්බ් , සිවිලිම වගේ ඒවායේ මේවා ගොඩක්ම දකින්න පුළුවන්. ඒ නිසා ඒක හොදට මතක තියාගන්න ඕනේ.

මේ Photos දැක්කම ඔයාටම තේරේවි කොච්චර සියුම් විදියට මේ camera හංගලා තියනවද කියලා.










මේ වැඩේ කරන්න ඔයාට Phone එකේ ටෝච් එක use කරන්න පුළුවන්. (සාමාන්‍යයෙන් camera වල lence එක කළු පාට නිසා Flash light එකට ඒක දිලිසෙනවා)
තට්ටු ගොඩනැගිල්ලක්නම් වෙන Building එකක තියන General camera වලින් වුනත් ඔයාගේ Room එක Video කරන්න පුළුවන්.

2 – Wireless camera detecter එකක් මගින්
මේවයෙන් පහසුවෙන්ම මේ Camera හොයාගන්න පුළුවන්. E-bay වලනම් ගොඩක් අඩු ගානකට මේවා හොයාගන්න පුළුවන්

3 – Phone එකක් භාවිතයෙන්
Wireless camera මේ system එකෙන් හොයාගන්න පුළුවන්. ඒවා Data transfer කරන්නේ විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක් තුලින් නිසා අපි Phone එක speaker එක ලග තියෙද්දී call එකක් එනකොට එනවා වගේ sound එකක් ඇහෙනවා.
ඒ නිසා phone එකෙන් call එකක් අරගෙන sure නැති තැන්වලට අල්ලන්න. එතකොට ඒ තැන්වලදී sound එකේ වෙනසක් දකින්න පුළුවන්.

තව ඔයාලා දන්න system තියනවනම් comment එකක් විදියට දාන්න.

     


මේ වගේ වටින දේවල් හැමදාම අප්ඩේට් වෙන අලුත් ලංකා .com සමග එකතු වෙන්න වම්පස join This site මත click 
කිරීමෙන්.

Amazin
Powered by Blogger.